Press "Enter" to skip to content

නාගොඩ රෝහලෙන් පලාගිය රෝගියෙකු අල්ලයි

කළුතර – නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පලාගිය කොරෝනා ආසාදිත බවට සැක කෙරෙන පුද්ගලයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිය භාරයට ගෙන යළි රෝහල් ගත කර තිබෙනවා.

මොහු අද (29) උදෑසන රෝහලෙන් පලාවිත් ඇති අතර, පසුව ප්‍රදේශවාසීන් විසින් ඒ පිළිබඳව දැනුවත් කිරීමෙන් අනතුරුවයි කළුතර – මහ වස්කඩුව ප්‍රදේශයේදී අල්ලාගෙන ඇත්තේ.

කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි මොහු පසුගියදා රෝහල් ගත කෙරුණේ කොරෝනා රෝගී ලක්ෂණ මතුවීම හේතුවෙන්.