Press "Enter" to skip to content

කොවිඩ් වැළඳුණු මවක් දින 21ක බිළිඳා සමග රෝහලට

තංගල්ල, කුඩාවැල්ල ප්‍රදේශයේ 25 හැවිරිදි කාන්තාවකට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබේ.

ඇයගේ දරුවට දවස් 21ක් වන බැවින් ඇය සමග බිළිඳා ද රෝහල්ගත කෙරුණි.

මෙම කාන්තාව නුවර සිට කිරිබත්ගොඩ ප්‍රදේශයට පැමිණ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සේවය කරන තම ඥාතියෙකුගේ නිවසෙහි සතියක කාලයක් නැවතී සිට කුඩාවැල්ල ප්‍රදේශයේ පිහිටි සිය නිවසට ආපසු පැමිණ තිබේ.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචි සිය ඥාතියාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව ඇයට දැනගැනීමට ලැබී ඇත්තේ ඉන් පසුවය.

ඒ අනුව ඇයට සිදුකළ PCR පරීක්ෂණයේදී වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

More from GossipMore posts in Gossip »