Press "Enter" to skip to content

කාන්තාවන් දෙදෙනා ස්වාමිපුරුෂයාගේ ලිංගයට කඩියන් දාලා දැඩි දඩුවම් දෙයි…

අධික ලෙස බීමත්ව නිවෙසට පැමිණ එහි සිටි තම බිරියට හා සැමියා අතහැර ගිය ඇගේ සහෝදරියට ද එකවර බරපතල ලෙස දූෂණයට ලක්කිරීමේ පුවතක් වයඹ පළාතෙන් වාර්තා වනවා.

තමන්ට සහයෝගය නොදක්වන්නේ නම් ඝාතනය කරන බවට තර්ජනය කර ඇති මෙම පුද්ගලයා ඔවුන් දෙදෙනා එකවර බරපතල ලෙස දූෂණයට ලක් කර තිබෙනවා.

අධික මත්ගතියෙන් පෙළුනු මෙම පුද්ගලයා දැඩි නින්දට යාමත් සමග එම පුද්ගලයා පුටුවක් මත ගැටගසා ඔහුගේ ඇගට සහ ලිංගය ආශ්‍රිත ප්‍රදේශයට කඩියන් දමා දැඩි දඩුවම් ලබාදී තිබෙනවා.

අනතුරුව මෙම කාන්තාවන් දෙදෙනා විසින් දැඩි වේදනාවෙන් පෙළෙන පුද්ගලයාව රෝහල් ගත කර තිබෙනවා.

රෝහලේදි ප්‍රශ්න කිරීමත් සමග බිරිය පවසා ඇත්තේ දැඩි ලෙස මත්පැන් වලට ඇබ්බැහි වූ තම සැමියා කඩියන් සිටින ස්ථානයක වැටී සිටීමෙන් මෙම තත්ත්වයට පත්ව ඇති බවයි.

සිදුවූ සත්‍ය සිදුවීම පසුව මෙම කාන්තාවන් විසින් සගවා ඇත්තේ සිදුවූ ලැජ්ජාවට කිසිදු පුද්ගලයෙකුට කීමට නොහැකි බැවිනි.

බීමත්ව සිටි පුද්ගලයාට ද සිදුවූයේ කුමක්ද යන්න පිළිබදව ද මතකයේ නොතිබුණද තමන් බිරිය සහ ඇගේ සහෝදරිය දූෂණය කළ බව ඔහු විසින් රෝහලේදි ප්‍රකාශ කර තිබෙනවා.