Press "Enter" to skip to content

දියණියන් දෙන්නා නූල් පොටක්වත් ඇඟේ නැතිව කරනදේ දැකලා අම්මා බයවෙලා..

අස්වාභාවික ලිංගික ඇසුරක් පවත්වන ලදැයි උරණ වී තම දියණියගේ සහ සහෝදරියගේ දියණියගේ රහස් ප්‍රදේශ රත්වූ හැන්දකින් පුළුස්සා කෲරත්වයට පත්කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර මවක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස අධිකරණය ඊයේ (4) නියෝග කළේය.

මෙලෙස කෲරත්වයට ලක්වූ 11 හැවිරිදි දැරියන් දෙදෙනා මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දන්වා සිටියේය.

මෙම දැරියන් දෙදෙනා අස්වාභාවික ලිංගික ඇසුරක් පවත්වා තිබෙන බවත්, එය සැකකාරියගේ අතටම හසුවී තිබෙන බවත් කී පොලිසිය ඒ සම්බන්ධයෙන් උරණ වී සැකකාරිය දැරියන් දෙදෙනාට මෙලෙස දඬුවම් ලබාදී ඇතැයිද අධිකරණයට දන්වා සිටියේය.

වැල්ලම්පිටිය, සේදවත්ත, කැලණි පාලම ප්‍රදේශයේ පදිංචි ඩෙවින්තා එෂිනා නමැති සැකකාර කාන්තාවක එලෙස රිමාන්ඩ් භාරයේ තබන ලෙස අධිකරණය නියෝග කළේය.

More from GossipMore posts in Gossip »