Press "Enter" to skip to content

වාහන වලට දෙයියන්ගෙම පිහිටයි – පෙට්‍රල්, භූමිතෙල් කලවම් වෙයි වූ හැටි කැමරාවට හසුවෙයි (VIDEO)

පෙට්‍රල් බවුසර් මගින් සූක්ෂම ලෙස ඉන්ධන පිටතට ගෙන අනතුරුව එම ප්‍රමාණයට භූමිතෙල් කලවම් කර විකිණීම සඳහා බෙදාහරින මහා පරිමාණ ජාවාරමක් වැටලීමට පොලීසිය සමත්ව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත .

ඒ ඔවුන් ඉන්ධන බවුසර් මාබිම ප්‍රදේශයේ රහසිගත ස්ථානයක් වෙත රැගෙනගොස් ඉන්ධන කලවම් කිරීමට සූදානම් වූ අවස්ථාවේදීය.

සැකකරුවන් මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලීසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත් එහි සිටි එක් සැකකරුවෙකු එම ස්ථානයෙන් පලාගිය අයුරු පහතින් දැක්වේ.

More from GossipMore posts in Gossip »