Press "Enter" to skip to content

සැමියා වැඩට යද්දී බිරිද අනියම් සැමියා සමග හෝටලදී මරණයට

අම්පේගම ගුරුසිංහගොඩ ප‍්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි විවාහක කාන්තාවක් සැමියා කුරුඳු තැලීම සඳහා ඌරුබොක්ක ප‍්‍රදේශයකට ගොස් සිටියදී ඇය අනියම් සැමියා සමග 28 වැනි දින අම්පේගම ප‍්‍රදේශයේ හෝටලයට ගොස් ඇති අතර එහිදී හදිසියේම අසනීප වී ඇත. එම නිසා අනියම් සැමියා විසින් කරාපිටිය රෝහල වෙත ගෙනැවිත් ඇති බවත් එසේ ගෙන එන අවස්ථාව වන විටත් ඇය හදිසියේ මියගොස් ඇති පුවතක් වර්තාවනවා.

එලෙස හෝටල් කාමරයකට ගොස් සිටියදී මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ කරාපිටිය රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි මහතා මළ සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණය සඳහා රජයේ රස පරීක්ෂකට යවා වාර්තාව ලැබෙන තෙක් විවෘත තීන්දුවක් ප‍්‍රකාශයට පත් කළේය.

මූලික පරීක්ෂණවලදී අනාවරණයවී ඇත්තේ ඇය හෘද රෝ’ගියෙකු වන අතර දිර්ඝ කාලයක් තිස්සේ ඒ සඳහා ඖෂධ භාවිතා කරන බවය. එහෙත් ඇයගේ විවාහක සැමියා පවසා ඇත්තේ මරණය සැක සහිත බවය.