තම 15 හැවිරිදි දියණියගේ ඡායාරූප යොදා ගෙන මුහුණු පොත හරහා තරුණයකු සමග කෙටි පණිවිඩ හුවමාරු කරගත් මවක් එම තරුණයා දියණිය දූෂණය කළ බව පවසමින් සිදුකළ පැමිණිල්ලක් අනුව එම තරුණයා අත්අඩංගුවට ගත් බව මතුගම මූලස්ථාන පොලීසිය කියයි.
පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරු දැනට යුද්ධ හමුදාවේ සක්රීය සේවයේ යෙදෙන 21 හැවිරිදි සෙබලෙක් බවයි.
තම දියණියගේ පෙම්වතා ඇයව අතහැර ගොස් ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස අගලවත්ත ප්රදේශයේ කාන්තාවක් මතුගම මූලස්ථාන පොලිසිය වෙත කර ලද පැමිණිල්ලක් අනුව ඒ බව අනාවරණය වූ බව පොලීසිය සඳහන් කරයි.
මතුගම මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරින් විසින් දැරියගෙන් සිදු කළ ප්රශ්න කිරීමේද ඇයගේ මව ඇයගේ ඡායාරූප යොදා ගනිමින් ඇයගේම මුහුණු පොත හරහා තරුණයකු සමග කෙටි පණිවිඩ හරහා කතාබහ කර ඇති බවත් තමාගේ සහ තරුණයකුගේ ඡායාරූප මුහුණු පොතේ පළ කර තිබූ බවත් ප්රකාශ ලබාදී තිබිණි.
ඒ පිළිබඳ මවගෙන් විමසීමේ දී තමන්ට පාඩුවේ සිටින ලෙස පැවැසූ බවත් තම මව තමා ලෙස පෙනී සිටිමින් කෙටි පණිවුඩ හරහා තරුණයකු සමඟ අදහස් හුවමාරු කර ගන්නා බවට දැන ගත් බවද දැරිය ප්රකාශ ලබා දී ඇත.
ඉකුත් ඇසළ පොහෝ දින මතුගම නගරයේ ප්රදර්ශනය කළ තොරණ නැරඹීම සඳහා මව තමාට කතා කර එදිනට තරුණයා පැමිණෙන බැවින් ඔහු සමග කතා බහ කරන ලෙස පැවසූ බවත් දැරිය පවසා තිබිණි.
ඒ අනුව එදින එම පුද්ගලයා තමා මුලින්ම දුටු බවත් එදින ඔහු සමග කතා කිරීමෙන් අනතුරුව ඔහු කළ ආරාධනාවක් අනුව පැලවත්ත ඔහුගේ නිවසට ගොස් ලිංගිකව හැසිරුණු බවත් පසු දිනෙක එම තරුණයා තම නිවසට පැමිණි බවත් දැරිය ලබාදුන් ප්රකාශයක සඳහන් වේ.
එයින් අනතුරුව තමා ඔහු සමග දුරකථනයෙන් කතා නොකලත් මව දිගින් දිගටම ඔහු සමග කතා කළ බවත් එම තරුණයා නිවසට අවස්ථා කීපයකදී පැමිණි අවස්ථාවේදී ඔහු සමග එම අවස්ථාවල නැවත වතාවක් ලිංගිකව එක් වූ බව දැරිය පොලිසියට ලබා දුන් ප්රකාශයක සඳහන් වේ.
එම තරුණයා සමඟ කතාබහ කරන්නේ තම මව බව තරුණයා නොදැන සිට ඇති අතර දැරිය ඒ පිළිබඳ තරුණයාට පවසා මවගේ දුරකථන අංකය බ්ලොක් කරන ලෙස පවසා ඉල්ලීමක් කර තිබූ බව පොලිසිය කියයි.
එලෙස මව තරුණයා සමඟ දැරිය ආකාරයෙන් කතාබහ කරන අවස්ථාවකදී දැරියගේ පිරිසුදුකම නොතිබීම සම්බන්ධයෙන් විමසා ඇති අතර අනතුරුව මව දැරියගෙන් ඒ පිළිබඳ විමසා ඇතැයි පොලිසිය කියයි.
එම සිද්ධියත් සමඟම තරුණයා තමා මගහැර හැරීමට කටයුතු කළ හෙයින් මව තමාව පොලිසිය වෙත රැගෙන ආ බව දැරිය වැඩිදුරටත් ප්රකාශ ලබා දී ඇත.
දැරිය මීට පෙර සම්බන්ධතා පැවැත් වූ පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශන කරන බව පොලීසිය සඳහන් කරයි.
දැරිය මව භාරයේ රෝහල් ගත කර ඇත.
Published in Gossip