බොහෝ රටවල්, බොහෝ යුරෝපීය රටවල් පවා, ලිංගිකත්වය විනෝදාස්වාද ක්‍රියාකාරකමක් ලෙස පිළිගැනීමේ විශාල පියවරක් ගැනීමට ප්‍රමාද වද්දී, ස්වීඩනය ඒ සම්බන්ධ දැවැන්ත පියවරක් ගෙන තිබේ.
ස්වීඩනය පළමු වරට ලිංගිකත්වය ක්‍රීඩාවක් ලෙස ලියාපදිංචි කළ අතර, ජූනි 8 වන දින පැවැත්වෙන ප්‍රථම යුරෝපීය ලිංගික ශූරතාවලිය සඳහා සත්කාරකත්වය ලබා දීමට ද සූදානම්ව සිටී. මෙම ශූරතාවලිය ස්වීඩන් ලිංගික සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන අතර, ඕනෑම යුරෝපීය රටක, ඕනෑම කෙනෙකුට විවෘත වේ.
තරඟාවලිය සති කිහිපයක් පවතිනු ඇතැයි අපේක්ෂා කරන අතර, සෑම සහභාගිවන්නෙකුටම දිනකට පැය 6ක් තරඟ කිරීමට සිදුවේ. seduction, oral sex, penetration සහ තවත් දේ ඇතුළුව විෂයයන් 16ක් යටතේ අභියෝග එල්ල කර තිබේ.
ස්වීඩන් ලිංගික සංගමයේ සභාපති ඩ්‍රැගන් බ්රැටිච්ට අනුව, ක්‍රීඩාවක් ලෙස ලිංගිකත්වය කෙරෙහි අවධානය යොමු වී ඇත්තේ විනෝදය උපරිම කර ගැනීම සඳහා වන අතර, එබැවින් කෙනෙකුගේ සහකරුගේ අත්දැකීම් වැඩි වන තරමට, කෙනෙකුට ලැබෙන ලකුණු ප්‍රමාණය වැඩි වේ. නිර්මාණශීලිත්වය, ශක්තිමත් චිත්තවේගයන්, පරිකල්පනය, ශාරීරික යෝග්‍යතාවය, විඳදරාගැනීම සහ වැඩ කිරීමේ හැකියාව අභියෝග වල දී පරීක්ෂාවට ලක් වේ.
තරඟකරුවන් ද කාමසූත්රය පිළිබඳ මනා දැනුමක් ඇති අය වනු ඇතැයි අපේක්ෂා කරන අතර ඔවුන්ගේ අභියෝගවලදී එහි විෂයයන් බොහොමයක් ප්‍රදර්ශනය කිරීම සඳහා අමතර ලකුණු ලබා දෙනු ඇත. අවසාන ඇගයීම අතරතුර, ජයග්‍රාහකයින් 70-30 බෙදීමකින් තීරණය කරනු ලැබේ; 70% ප්‍රේක්ෂක ඡන්ද සහ 30% ජූරි ශ්‍රේණිගත කිරීම.
වාර්තාවට අනුව විවිධ රටවලින් තරඟකරුවන් 20 දෙනෙකු දැනටමත් අයදුම් කර ඇත. මෙම ක්‍රීඩාවේදී ලිංගික දිශානතිය උපායමාර්ගික කාර්යභාරයක් ඉටු කළ හැකි බවත්, අනෙකුත් යුරෝපීය රටවල් ද අනාගතයේදී එය අනුගමනය කරනු ඇතැයි විශ්වාස කරන බවත් සංවිධායකයින් ප්‍රකාශ කර ඇත.
Published in Gossip