Press "Enter" to skip to content

ජනප්‍රිය කොරියානු ගායන ශිල්පියා අභිරහස් ලෙස මියයයි

දකුණු කොරියානු පොප් ගායක සහ රංගන ශිල්පී මූන් බින් මියගොස් තිබේ.

සෝල් අගනුවර ගැන්ග්නම්හි පිහිටි නිවසේ දී ඔහු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මූන් බින් මියයාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, බීබීසී මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඔහු සියදිවි නසා ගෙන ඇති බවට මේ වන විට සැකපල කරන බවයි.

මියයන විට මූන් බින් 25 හැවිරිදි වියේ පසු වුණි.

2016 වසරේ දී ඇස්ට්‍රෝ සංගීත කණ්ඩායමට සහභාගී වු ඔහු රංගන සහ නිරූපණ ශිල්පියෙකු ලෙස කටයුතු කර තිබේ.

More from GossipMore posts in Gossip »