Press "Enter" to skip to content

දුම්රිය ස්ථානයක රූපවාහිනි තිරයේ බ්ලු ෆිල්ම් පෙන්වලා.. මගී ජනතාව විනාඩි 3ක් තක්කු මුක්කු වෙලා බලන් ඉදලා..

දුම්රිය ස්ථානයේ සියලු දර්ශන තිර මත අසැබි වීඩියෝවක් ප්‍රචාරය කරලා.

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පට්නා දුම්රිය ස්ථානයේ සවි කර ඇති සියලු දර්ශන තිර මත 20 වැනිදා රාත්‍රියේ අසැබි වීඩියෝ පටයක් ප්‍රචාරය වී තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

එම වීඩියෝ පටය අඛණ්ඩව මිනිත්තු 3ක කාලයක් තිරගත වූ බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

සුපුරුදු පරිදි වෙළෙඳ දැන්වීම් වෙනුවට හදිසියේම අසැබි චිත්‍රපටයක් තිරගත වීමෙන් දුම්රිය ස්ථානයේ සිටි මගීන් දැඩි අපහසුතාවට හා විමතියට පත් ව තිබේ.

කාර්යබහුල දුම්රිය ස්ථානයක් වන පට්නා දුම්රිය ස්ථානයේ ඒ මොහොතේ වැඩිහිටියන්, කාන්තාවන් සහ දරුවන් විශාල පිරිසක් සිටි බව ද වාර්තා වේ.

වහාම ක්‍රියාත්මක වූ මගීන් දුම්රිය පොලිසියට, දුම්රිය ආරක්ෂක බළකායට මේ බව පැමිණිලි කර එබෙන අතර ඒ අනුව දුම්රිය ස්ථානයේ දර්ශන තිර මත දැන්වීම් ප්‍රචාරය කිරීමේ වගකීම දරන එරට පොද්ගලික සන්නිවේදන ආයතනයේ කොන්ත්‍රාත් ගිවිසුම අවලංගු කිරීමටත්, එම ආයතනය අසාධු ලේඛනගත කිරීමටත් දුම්රිය අධිකාරිය පියවර ගෙන තිබේ.