Press "Enter" to skip to content

සිම් කාඩ් ගැන TRCය හදිසියේම ගත්ත තීරණය..

මියගිය පුද්ගලයන්ගේ ජාතික හැඳුනුම්පත් අංකවලට ජංගම දුරකථන සිම්පත් නිකුත් නොකරන ලෙස දුරකථන සේවා සමාගම්වලට දැනුම් දී ඇතැයි විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂිකා (අනුකූලතා හා විමර්ශන) තරලිකා ලිවේරා පැවසුවාය.

මියගිය පුද්ගලයන්ගේ නම්, ඔවුන්ගේ ජාතික හැදුනුම්පත් අංක සහ ඔවුන් භාවිත කළ දුරකථන අංකවල ලැයිස්තුවක් දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින්ම මාසයකට වරක් විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට ලබා ගන්නා බවද ඇය කීවාය.

යම් පුද්ගලයකු මියගිය පසු අදාළ ජංගම දුරකථන අංකය විසන්ධි කරන ලෙසත්, ඔහුගේ හෝ ඇයගේ ජාතික හැඳුනුම්පත් අංකයට සිම්පත් නිකුත් කිරීම තහනම් බවට ජංගම දුරකථන සේවා සපයන සමාගම්වලට දැනුම් දී ඇතැයිද ඇය පැවසුවාය.

අරුණ

More from GossipMore posts in Gossip »