Press "Enter" to skip to content

ඉපදුණු දරුවාගේ ඩීඑන්ඒවලින් සැබෑ පියා හෙළිවෙලා

බාල වයස්කාර සිය නැගණිය දූෂණය කළ බව කියන සොහොයුරෙකුට අවුරුදු තිහක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් බළපිටිය මහාධිකරණ විනිසුරු ඩී. ඇම්. රංග දිසානායක මහතා ඊයේ (16) වැනිදා නියම කළේය.

මෙසේ සිර දඬුවම් නියම වූයේ පිටිගල අමුගොඩ සිත්තරගොඩ පදිංචි පිටුවල කංකානම්ගේ අසංක නොහොත් රුවන් (36) නමැති අයකුටය.

මෙම දෙදෙනා එක පියෙකුගේ හා මව්වරු දෙදෙනකුගේ දරුවන් වන අතර ඌරගස්මංහන්දිය පොළ අසල නිවෙසක දෙමව්පියන් සමඟ එකට ජීවත්ව සිට ඇත.

වයස අවුරුදු දාහතරක් වන නැගණිය සමග මොහු මාස පහක් හයක් තිස්සේ වරින් වර එක්වීම නිසා ගැබිනියක් වී ඇත. දරු ගැබට මාස හතක් වන විට දැනගත් දෙමව්පියන් විසින් 2013 ජනවාරි මස 20 වැනි දින ඌරගස්මංහන්දිය පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු අධිකරණය වෙත යොමු කර තිබේ. ඒ අනුව දැරිය පරිවාස භාරයට ලක් කිරීමෙන් පසු පරිවාස භාරයේ දී 2013 අප්‍රේල් මස 21 වැනි දින දැරිය දරුවකු ප්‍රසූත කර ඇත.

උසාවියෙන් ලද නියෝග මත දූෂණය කළ අය සහ දරුවා ඩී. එන්. ඒ. පරීක්ෂණයකට ලක් කිරීමෙන් පසු මොහු දරුවාගේ පියා බව ඔප්පු වී තිබේ. ඒ අනුව මොහු වරද පිළිගැනීමෙන් පසු චෝදනා දෙකකට වරදකරු වූ හෙයින් එක චෝදනාවකට වසර පහළොව බැගින් වසර තිහක බරපතළ සිර දඬුවමක් මහාධිකරණ විනිසුරු විසින් නියම කරන ලදී. ඌරගස්මංහන්දිය පොලිසියේ උප පොලිස් පරීක්ෂක ප්‍රසන්න මහතා විසින් නඩු මෙහෙයවන ලදී.

More from GossipMore posts in Gossip »