Press "Enter" to skip to content

සොයිසා රෝහලේ වෛද්‍යවරියකට දරුණු ප්‍රහාරයක්.. සජබ අපේක්ෂකයෙකුගේ නරුම වැඩක්..

කොළඹ සොයිසා රෝහලේ සේවය කරන වෛද්‍යවරියකට ඇගේ සැමිය පිහියකින් කපා බරපතළ බරපතල තුවාළ සිදු කර ඇතැයි ගම්පහ නුංගමුව පොලිසිය කියයි.

බරපතළ තුවාල ලැබූ වෛද්‍යවරිය රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව පොලීසිය සඳහන් කරයි.

වෛද්‍යවරිය පිහියකින් කපා තුවාල සිදුකළ බව කියන ඇයගේ සැමියා මෙවර පළාත් පාලන මැතිවරණයට සමගි ජන බල වේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රාදේශීය සභාවකට තරග කරන අපේක්ෂකයකු බවද ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මෙම වෛද්‍යවරියගේ පිට ප්‍රදේශයේ සහ අතක කැපුම් තුවාල පෙනෙන්නට ඇතැයි ද පොලිසිය පොලීසිය කියයි.

වෛද්‍යවරියගේ ජංගම දුරකථනයේ ඇතුලත්ව තිබූ බව කියන දුරකථන අංකයක් සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් පසු සැමියා මෙවැන්නක් කර ඇති බවට තොරතුරු හෙලිවී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

-ලංකාදීප

More from GossipMore posts in Gossip »