Press "Enter" to skip to content

තරුණ කාන්තාව මරා දමා සිරුර වළදා ගොයම් පැළ දෙකක් සිටුවලා !

මහනුවර, අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි රූමත් කාන්තාවක ඝාතනය කර සිරුර කුඹුරේ මඬේ ඔබා ඒ මතින් ගොයම් පැළ සිටුවන ලදැයි කියන හමුදා සෙබළා අත්අඩංගුවට ගැනීමට මඟපෑදුණේ ගොයම් පැළ දෙකක් ඉව කිරීමට දීමෙන් පසුව පොලිස් නිල සුනඛ ‘ඒගල්’ දුන් හෝඩුවාවක් මත බව මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාසය පවසයි.

රූමත් කාන්තාව මරා දැමීමෙන් පසුව ඇයගේ සිරුර මත ගොයම් පැළ සිටුවා තිබූ බව පරීක්ෂණවලින් හෙළිවීමෙන් පසුව එම ගොයම් පැළවලින් දෙකක් පොලිස් නිල සුනඛයාට ඉව කිරීමට සලස්වා ඇත. ගොයම් පැළ දෙකට ඉව කළ පොලිස් නිල සුනඛයා මඩ ගොහොරු මැදින් කඳු හෙල් තරණය කරමින් කිලෝමීටර් හතරක පමණ දුෂ්කර ගමනක් ගොස් සැකකරුගේ නිවසට ඇතුළු වූ බව පොලිස් නිල සුනඛ කොට්ඨාසය වැඩිදුරටත් කියා සිටියා.

More from GossipMore posts in Gossip »