Press "Enter" to skip to content

පොලිස් ලොක්කකුගෙන් නිලධාරිනියන්ට යට ඇඳුම්..

කොළඹ ප්‍රධානම පොලිස් ඒකකයක් භාරව කටයුතු කළ මොහු සබරගමුව පළාතේ පොලිස් කොට්ඨාසයක් භාරව යන්නේ මීට වසරකට පමණ පෙරය.


කොළඹ සිටි කාලයේදී කාන්තාවන්ට ලිංගික අඩන්තේට්ටම් කිරීම පිළිබඳ ඔහුට එරෙහිව චෝදනා රැසක් නැගී තිබිණි.

ජාත්‍යන්තර කාන්තා දිනය යෙදී තිබුණේ පසුගිය 08 වැනිදාය. මෙදින ලෝකයේ සියලුම රටවල පාහේ කාන්තාවන් ඇගයීමේ උත්සව සංවිධානය වී තිබිණි.

මෙය සිදුවූයේ සබරගමුව පළාතේ පොලිස් අධිකාරි කාර්යාලයක නිලධාරිනියන් ඇගයීමට ලක්කරමින් පැවති උත්සවයකදීය.

මේ උත්සවය පැවැතියේ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයකය. එදින තම කාර්යාලයේ සේවය කරන සිවිල් නිලධාරිනියන්ගේ සේවය ඇගයීමට ලක්කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඔවුන්ට ත්‍යාග ද ප්‍රදානය කිරීමට අමතක කළේ නැත.

ඔහු ලබාදුන් ත්‍යාග කිසිදු නිලධාරිනියක් එතැන සිට හැර බැලුවේ නැත.

නමුත් පසුව ත්‍යාග විවර කර බැලීමේදී එහි වූයේ කාන්තා යට ඇදුම් සහ මග් එකකි.

මෙය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කාන්තා නිලධාරිනියන් පුදුම කිරීමේ චේතනාවෙන් දී ඇතැයි පැවසුනත් එකී නිලධාරිනියන්ට සිය වල්ලභයන්ගෙන් ඇසීමට සිදුවූයේ තිත්ත කුණුහරුපය.

-අරුණ පුවත්පත

More from GossipMore posts in Gossip »