Press "Enter" to skip to content

ඉන්ධන මිල අඩු වන දින වකවානු මෙන්න

ප්‍රමාද වූ නව විදුලි සම්බන්දතා 36 000ක් සති 6 ක් තුළ ලබාදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ ඊයේ පැවති අමාත්‍යංශ උපදේශක කාරක සභා රැස්වීමට එක් වෙමින්.

QR කේතයට අනුව ක්‍රියාත්මක ඉන්ධන කෝටාව යාවත්කාලීන කිරීම අඟහරුවාදාට වෙනස් කළේ සෙනසුරාදා සහ ඉරිදා ඛනිජ තෙල් සේවකයින්ට ගෙවීමට සිදුවන රුපියල් මිලියන මිලියන 20කට ආසන්න අතිකාල වියදම් ඉතිරි කර ගැනීමට බවත් ඇමතිවරයා මෙහිදී පැවසුවා.

මේ වන විට ඩොලරයේ වටිනාකම පහළ යාමත් රුපියලේ වටිනාකම වැඩිවීමත් හේතුවෙන් ලබන මස මුල් සතියේ නියත වශයෙන්ම ඉන්ධන මිල පහළ යන බව රත්නපුර දිස්ත්‍රික් පා.ම. ජානක වක්කුඹුර මහතා පවසනවා.

ඒ මහතා මේබව පැවසුවේ, ඊයේ දිනයේ හිරු ටීවී බලය වැඩ සටහනට එක් වෙමිනුයි.

More from GossipMore posts in Gossip »