Press "Enter" to skip to content

කාන්තාවගේ කිරි රංගන මායාව එස්ටීඑෆ් එක පාමුල දමනය වෙලා.. කාන්තාව ‌පොලීසියට භාරදෙයි..

අත දරුවකු සමග මන්නාරම සිලාවතුර බස් නැවතුම් පළේ සිටි කාන්තාවකගේ ගමන් මල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් විසින් පරීක්ෂා කළ අවස්ථාවේදී එහි තිබී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් දෙකක පමණ පාර්සලයක් 22 දා සොයා ගෙන තිබේ.

එම කාන්තාවගේ හැසිරීම ගැන සැක සිතී ඇයව පරීක්ෂා කිරීමට නිලධාරීන් එම ස්ථානයට යනවිට කාන්තාව දරුවාට කිරි පොවමින් සිට ඇති අතර එම කාර්ය අවසන් වීමෙන් පසුව ඇගේ ගමන් මල්ල පරීක්ෂා කොට තිබේ.

එම කාන්තාව සිලාවතුර ප්‍රදේශයට පිටස්තර පළාතකින් පැමිණ ඇති අතර ඇය ගංජා අලෙවි කිරීම සඳහා මේ අන්දමට තැනින් තැන ඇවිදින බවටද තොරතුරු හෙළි වී තිබේ.

සැකකටයුතු කාන්තාව හා කේරළ ගංජා පාර්සලය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් සිලාවතුර පොලිසියට බාරදී ඇති අතර පොලිසිය එම කාන්තාව මන්නාරම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබේ.

දිවයින

More from GossipMore posts in Gossip »