Press "Enter" to skip to content

ඉන්ධන සම්බන්ධයෙන් ඇමතිගෙන් විශේෂ පණිවිඩයක්.. QR ක්‍රමවේදය අවසන්.. මාස තුනෙන් පසු වෙන දේ ඇමති කියයි..

ඉන්ධන සඳහා දැනට ක්‍රියාත්මක කිව්.ආර් ක්‍රමවේදය ඉදිරි මාස තුනෙන් පසු අහෝසිකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළා.

හිරු ටීවී සළකුණ දේශපාලන සංවාදාත්මක වැඩසටහනට එක්වෙමින් ඔහු කියා සිටියේ රටේ ආර්ථික තත්ත්වය යහපත්වීමත් සමඟ ප්‍රමාණවත් ඉන්ධන සැපයුමක් ලබාදීමට හැකිවෙතැයි පුරෝකථනය කර ඇති බවයි.

ඒ අනුව ඉදිරි මාස තුනෙන් පසුව පෙර පරිදි තමන්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය පිරවුම්හල්වලින් ලබාගැනීමට ජනතාවට අවස්ථාව හිමිවන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

More from GossipMore posts in Gossip »