Press "Enter" to skip to content

මව් පිය වලියෙන් පසු දරු දෙදෙනාගේ සිරුරු කැලෙන් හමුවෙයි.. අභිරහස ටිකෙන් ටික එළියට එයි.. අම්මාගේ ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..

රත්නපුර කරපිංච ශාන්ත ජෝකිම් වත්තේ ලැයිම් කාමර අංක හතර අසල ඇති ළිඳක් ආසන්නයේ කැලෑ රොදක තිබී අවුරුදු හතක් සහ අවුරුදු එක හමාරක් වයසැති දරු දෙදෙනකුගේ මළ සිරුරු දෙකක් හමුවු බව කුරුවිට පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ ශාන්ත ජොකිම්වත්තේ අංක හතර ලැයිම් පේලියේ නිවසක පදිංචිව සිටි අවුරුදු හතක් වයසැති ගජෙන්ද්‍රකුමාර් සර්වනාද් සහ අවුරුදු එකහමාරක් වයසැති ගජේන්‍ද්‍රකුමාර් නිෂාද් යන එකම පවුලේ දරු දෙදෙනාය.

දරු දෙදෙනා මියගොස් ඇත්තේ කෙසේද යන්න සැක සහිත බව පොලිසිය කියයි. දරුවන්ගේ මව වු විසිනව හැවිරිදි කාන්තාවක් පවසා ඇත්තේ තමන්ගේ දරු දෙදෙනා ළිඳේ වැටී සිටිය දි අලුයම තමන් විසින් ගොඩගෙන අසල කැලේ තැබූ බව යැයි පොලීසිය සඳහන් කළේය.

දරුවන් දෙදෙනාගේ මවුපියන් ආරවුලක් ඇතිකරගෙන ඇති බවට විමර්ශනවලින් පොලිසිය අනාවරණය කරගෙන තිබේ. ආරවුලෙන් පසු මියගිය ළමයින් දෙදෙනාගේ මව අලුයම් කාලයේ නිවසින් පිටව ගොස් ඇති බවත් හෙළිවී තිබෙන බව පොලීසිය පැවසුවේය.

අඹුසැමි ආරවුලෙන් පසු මියගිය ළමයින් දෙදෙනාගේ පියා නිවසින් පිටව ගොස් ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

ලංකාදීප

More from GossipMore posts in Gossip »