ආරක්ෂිත හිස් වැසුම් පැළඳ යතුරු පැදිවල ගමන් කරන ලෙස ලබා දුන් උපදෙස් නිසා ඇති වූ බහින් බස්වීමක් දුරදිග ගොස්, ආරක්ෂිත හිස් වැසුම් වලින්ම පහර දී එම පුද්ගලයා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් පාසල් සිසුන් තිදෙනාට මෙම මස 28 වනදා දක්වා රැදවුම් නියෝග ලබා දී තිබෙනවා.
ඒ අනුව, එම සිසුන් මාකොල පිහිටි ළමා රැදවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා ගන්නා ලෙසටයි මතුගම මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ.
ඊයේ වැලිපැන්න – අලුත්ගම මාර්ගයේ ගලමත්ත කුරුදිප්පිට පාරට හැරෙන මංසන්දිය අසළදී යතුරු පැදි දෙකකින් අධික වේගයෙන් ආරක්ෂක හිස් වැසුම් නොමැතිව ගමන් කරමින් සිටි සිසුන් පිරිසකටයි ඝාතනයට ලක් වූ පුද්ගලයා හිස් වැසුම් පළඳින ලෙස උපදෙස් ලබාදී තිබුණේ.
එහිදී ඊට උරණ වූ පාසලේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 16 හැවිරිදි මෙම සිසුන් ඔහුට හිසේ පැළදීමකින් තොරව තම අත්වල රඳවාගෙන තිබූ හිස් වැසුම් වලින් බරපතල ලෙස පහර දී තිබෙනවා. 34 හැවිරිදි එක්දරු පියෙකු වන ඔහු රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්වුණා.
ගුරුවරයෙකුටවත් දරුවෙක්ට උපදෙසක් දෙන්න බැරි කාලයක් මේක අයියේ ඔයාගෙ හිසට ඒ පහරවල් වැදෙද්දි පුංචි කෙල්ලව මතක් වෙන්න ඇති ඔයාට නිවන් සුව ලැබේවා අයියේ !!! නොසන්ඩාල විදියට දරුවෝ හදලා රටක් වටින කොල්ලෙක් අපට නැති වුණා …. රංග අයියේ උපදින කිසිම ආත්මෙක මෙවන් අකල් මරණයක් ඔයාට සිදු නොවේවා !!! ජීවිතයක වටිනාකමක් නොදන්න මේ මිනීමරු නරුමයන්ට නීතිය ක්‍රියාත්මක කරඋපරිම දඩුවම ලැබී යුක්තිය ඉටුවෙන්නම ඕනි…. Prasanga Galabodawatta ගේ සටහනක්..
පුංචි සිගිත්තියකට සෙනෙහෙබර පියෙකු මෙන්ම ආදරණීය බිරියකට ආදරණීය සැමියෙකු අහිමි කළ නරුම සිසුන් තිදෙනාගේ ඡායාරූප පහතින්…



රංග විරාජ් ජයසිංහගේ ඡායාරූප පහතින්…
















