Press "Enter" to skip to content

සියලුම රියදුරන්ට විශේෂ දැනුම්දීමක්.. එක දිගට රිය පදවන වේලාව පැය 3කට සීමා කරයි.. තවත් තීරණ රැසක් මෙන්න..

රදැල්ල බස් අනතුර සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයෙන් පසු බස් රථවල දර්ශන පථය අවහිර වන ආකාරයට පිළිම, මල්මාලා, රූප වර්ග, ආලෝකමත් බල්බ සහ එල්ලෙන පැද්දෙන දෑ සවිකරලීම තහනම් කරන ලෙසට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව නිර්දේශ කර තිබේ.

එමෙන්ම රියැදුරුගේ අවධානය වෙනතකට යොමුවන හෙයින් බස් රථවල රූපවාහිනී යන්ත්‍ර සවිකිරීමද තහනම් කරන ලෙසටද මෙම දෙපාර්තුමේන්තුව නිර්දේශ කර ඇත.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව මෙම නිර්දේශ 16 ක්ම ඉදිරිපත් කර ඇත්තේ පසුගිය ජනවාරි 20 වැනිදා කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් 41 දෙනෙකු ඇතුළු 49 රැගත් බස් රථයක් රදැල්ල – සෙමර්සෙට් කෙටි මාර්ගයේදී වෑන් රථයක හා ත්‍රිරෝද රථයක ගැටී ප්‍රපාතයකට ඇදී යාමෙන් වූ අනතුර ගැන සිදුකළ පරීක්ෂණයට අනුවය.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහගේ උපදෙස් මත කුරුණෑගල ප්‍රධාන මෝටර් වාහන පරීක්ෂක ආර්.එම්.ඒ.පී.කේ.එම් රාජතේවගේ ප්‍රධානත්වයෙන් යුත් සත් පුද්ගල පරීක්ෂණ මණ්ඩලයක් විසින් මෙම පරීක්ෂණය සිදුකළහ.

එම පරීක්ෂණ මණ්ඩල වාර්තාව ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක ආර්.එම්.ඒ.පී.කේ.එම් රාජතේව විසින් ප්‍රවාහන ඇමති බන්දුල ගුණවර්ධන වෙත පෙරේදා (13 වැනිදා) භාරදෙනු ලැබීය.

එම වාර්තාව මගින් අනතුරේ මුළු වගකීම බස් රථයේ බවට හෙළිවී ඇත. බසයේ තිරිංග අක්‍රීය වන ආකාරයට සවිකර තිබූ අලංකරණ මෙම අනතුරට හේතුවී ඇතිබවට හෙළිවී ඇත. එමෙන්ම බස් රථය නුවරඑළියේ සිට අනතුර සිදුවූ ස්ථානය තෙක් ඇති කිලෝමීටර් 09 තුළ අධික ලෙස තිරිංග යොදා ධාවනය කර තිබෙන බවත් මෙමගින් තිරිංග ක්‍රියාකාරීත්වය අඩුවී අනතුර සිදුව ඇති බවත් හෙළිවී ඇත.

එමෙන්ම පරීක්ෂණ මණ්ඩලය විසින් සකස්කළ වාර්තාවට අනුව ඉදිරිපත් කළ නිර්දේශ මෙසේය.

අධික බෑවුම් සහිත මෙවැනි මාර්ගවල ධාවනය කිරීමේදී නිවැරදි ගියරය තෝරා ගැනීම (කන්ද නැගීමටත් බැසීමටත් එකම ගියරය භාවිතා කිරීම) තිරිංග පද්ධතියේ කාර්යක්ෂමතාවය අඩුවන අලංකාරය හා නවීකරණය නොකිරීම (වීල් කප් යොදා ඩ්‍රම් සිසිල් වීම දුර්වල කිරීම, සුළං පිටකිරීම සදහා ඇති නළ අවහිර කර ශබ්ද ඇසෙන ලෙස සකස් කිරීම) 3. උපරිම දර්ශනයක් ලබාගත හැකිවන ලෙස වාමුවාව (වී ස්කීන්) හා ඉදිරි පැති වීදුරු අවට සීමාව නිදහස් කර තබා ගැනීම මෙන්ම රූපවාහිනී යන්ත්‍ර වැනි රියදුරු අවධානය යොමුවන දෑත් විවිධ පිළිම රූප ආදියෙන් දර්ශන පථය අවහිර නොකිරීමත් සිදුවිය යුතු බව, පිටාර වායු තිරිංග නොමැති බස් රථ කඳුකර ධාවනයේ යෙදවීම සීමා කිරීම හෝ ඉවත් කිරීම, අධික බෑවුම් සහිත අනාරක්ෂිත මාර්ගවල් හඳුනාගෙන ආරක්ෂක ගැලවුම් මාර්ග ඉදිකිරීම, අනාරක්ෂිත ස්ථානවල ආරක්ෂක වැට වෙනුවට පස්කඳු යෙදීම, මෙවැනි අධික බෑවුම් සහිත මාර්ගවල වේගසීමා පාලනය කිරීමට දැන්වීම් පුවරුවලට අමතරව ආරක්ෂක කැමරා යෙදවීම, මෙවන් අධික බෑවුම් සහිත මාර්ගවල බර වාහන ධාවනය කිරීමට ඉඩ නොදිය යුතුයි. මාර්ග ඉදිකිරීමේදී මාර්ගයේ දුරට සාපේක්ෂව ඇති බෑවුම සැලකිල්ලට ගෙන ආනතිය ඇතිවන ආකාරයට මාර්ග ඉදි නොකිරීම, මෙවන් මාර්ගවල වංගු නිර්මාණ කිරීමේදී කැම්බර් ආනතියට අනුකූලව නිර්මාණය කිරීම, මෙවැනි අනතුරුදායක මාර්ගවල ප්‍රාණවත් දර්ශනයක් ලබාගැනීම සඳහා වීදි ලාම්පු සවිකිරීම, මාර්ගය හොඳින් දර්ශනය වීම සඳහා පැති හා මධ්‍ය රේඛා ලුමිනස් කොටස් සහිත අමුද්‍රව්‍ය යොදා නිර්මාණය කරමින් පරාවර්ථක සවිකිරීම, පරිසරයේ අලංකාරය වෙනුවෙන් මාර්ගය අයිනේ සිටුවා ඇති ගස් වාහන ධාවනයට අවහිරයක් නොවන ලෙස නඩත්තු කිරීම, DL – NDL වැනි පැරණි අංක සහිත රිය බලපත් අලුත් කිරීමේ දින රහිත රියදුරන් ශාරිරික යෝග්‍යතාව ගැන නොසලකා රියදුරු රැකියාවේ යෙදීමද පාලනය කිරීම, මගී ප්‍රවාහනයේ යෙදෙන රියදුරන් හට දැනට නිකුත් කරනු ලබන පොදු ප්‍රවාහන රියදුරු බලපත්‍රය බස් රථ පදවන සියලු රියදුරන්ටම අනිවාර්ය කිරීම, ඕනෑම රියදුරෙකු එකදිගට රිය පදවන වේලාව පැය තුනකට සීමා කිරීම වශයෙන් නිර්දේශ ඉදිරිපත් කර ඇත.

අරුණ

More from GossipMore posts in Gossip »