වැලැන්ටයින් දිනය සැමරීම සඳහා සිය පෙම්වතියට මත්ද්‍රව්‍ය කලවම් කළ චොකලට් එකක් ලබා දී මිතුරන් දෙදෙනෙකු සමග එක්ව ඇයව දූෂණය කළ පුවතක් කිළිනොච්චිය – පූනරින් ප්‍රදේශයෙන් වාර්තා කරනවා.
14 හැවිරිදි පෙම්වතියව 17 හැවිරිදි පෙම්වතා විසින් කැඳවා අදාල චොක්ලට් වර්ගය ලබා දී ඇය සිහි මූර්ජා වීමෙන් අනතුරුව සිය මිතුරන් දෙදෙනෙකු ද සමඟ එක්ව දූෂණය කොට ඇතැයි අප වාර්තාකරු වාර්තා කරන්නේ.
දූෂණයට ලක් වූ තැනැත්තියගේ පෙම්වතා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු මෙන් ම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ නියැලෙන්නෙකු බවට ද තොරතුරු වාර්තා වනවා.
ඔහු සමග එක්ව අදාල තරුණියව දූෂණය කොට ඇති අනෙක් තරුණයින් දෙදෙනා ද ප්‍රධාන සැකකරු සමඟ එකට මත්ද්‍රව්‍ය භාවිත කරන අය බවයි අනාවරණය වී තිබෙන්නේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පුනරීන් පොලීසියට පැමිණිලි ලැබී ඇති අතර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.
හිරු






