Press "Enter" to skip to content

මාසයක් අඹුසැමියන් ලෙස ජීවත්වෙලා කෙල්ලව ගෙදර යවලා කොල්ල පැනලා ගිහින්.. දහතුනේ දැරියකට අත් වුන ඉරණම.. පෙම්වතුන්ගේ දිනයේ තවත් සිදුවීමක්…

සියඹලාණ්ඩුව පොලිස් වසමට අයත් රුහුණුදනව්ව ප්‍රදේශයේ පදිංචි අවුරුදු දහතුනයි මාස අටක් වයසැති දැරියක් කැඳවාගෙන ගොස් මාසයකට ආසන්න කාලයක් එකට ජීවත්වී දැරිය ඇයගේ නිවසට පිටත්කර යවා තරුණයා ප්‍රදේශයෙන් පළාගොස් ඇතැයි සියඹලාණ්ඩුව පොලීසිය පවසයි.

2022/11/13 වෙනි දින දැරියව ඇයගේ පෙම්වතා විසින් නිවසට කැඳවාගෙන ගොස් ඇතත් තරුණයාගේ දෙමව්පියන් විසින් ඔවුන් භාරගෙන නොමැත.

පසුව තරුණයා අසල්වැසි නිවසක ඇය සමඟ අඹුසැමියන් ලෙස මාසයක පමණ කාලයක් ජීවත්ව සිට ඇත.

ඉකුත් 13 වෙනි දින තරුණයා විසින් යතුරුපැදියකින් දැරිය ඇයගේ නිවස අසල දමා පළාගොස් ඇත.

දැරියගේ පියා විසින් සිද්ධිය පිළිබඳ සියඹලාණ්ඩුව පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇත.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා සියඹලාණ්ඩුව මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

සියඹලාණ්ඩුව පොලිස් ස්ථානාධිපති රවීන්ද්‍ර හේරත් මහතා පරීක්ෂණ පවත්වයි.

දිවයින

More from GossipMore posts in Gossip »