Press "Enter" to skip to content

වැලන්ටයින් දා තිදරු මවක් සැමියාට දරුවන් බාර දී වැඩිමල් පුතුගේ යහළුවෙකු සමග දීග යයි

ආදරවන්තයන්ගේ දිනයේ 45 හැවිරිදි මව සිය බාලවයස්කාර දරුවන් තිදෙනා විවාහක සැමියාට බාරදී අවුරුදු 22ක තරුණයෙකු සමඟ දීග යෑමේ සිද්ධියක් අම්පාර උනන පොලිසියෙන් වාර්තා වනවා

තිස්පස් හැවිරිදි තිදරු මවගේ මව කර තිබූ පැමිනිල්ලකට අනුව දෙපාර්ශවයේම කණ්ඩායම් කැඳවා පැමිනිල්ල විභාග කරනු ලැබූවේ උහන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්.ඩී.එන්. කරුණාරත්න මහතා විසිනුයි

මෙම තිදරු මව අවුරුදු 16ක් වන වැඩිමල් පුතුගේ 22 හැවිරිදි මිතුරෙකු සමඟ පවත්වාගෙන ගොස් ඇතැයි කියන සම්බන්ධයක් ගැන පැමිනිලි විභාගයේදී අනාවරණය වුණා.

තිස්පස් හැවිරිදි කාන්තාවගේ මව පොලිසියට සිද්ධිය පැමිකරමින් තම දියණියගේ මේ සම්බන්ධය නතර කර දෙන ලෙස ඉල්ලා තිඛෙනවා.

දරු තිදෙනා ගැන සිතා මේ අනියම් සම්බන්ධය නතර කර යහපත් පවුල් ජීවිතයක් ගත කරන ලෙස ප්‍රධෘන පොලිස් පරීක්ෂකවරයා කරුණු අනාවරණය කර දුන්නත් ඇය අදාළ තරුණයා සමඟ යන බව තරයේම පවසා ඇති බව සඳහන්.

තරුණයා සමඟ නොයන ලෙස සැමියා ද බිරිඳට ඇවිටිලි කර ඇතත් තමා තරුණයා සමඟ යන බව ඇය කියා තිඛෙනවා.

දරු තිදෙනා සැමියාට බාර කළ කාන්තාව සිය අනියම් සැමියා සමඟ පිටත්ව ගිය බවයි පොලිසිය සඳහන් කළේ.

More from GossipMore posts in Gossip »