මිනිස්සුන්ට ආශාවන් තියෙනවා. සීමාවක් නැති
අසීමිත ආශාවන්.. ඒවාට ඒ මිනිස්සුන්ගේ වෘත්තීය
අදාළ ම නෑ.. ඒ වෘත්තිය මොකක් වුණත් ඒ මිනිස්සු
ආශාවන්වලට රොද බඳිනවා.
ඒ ආශාවන් වෙනුවෙන් ඒ පුද්ගලයින් මිනිස්සුන්ව
පාවිච්චි කරනවා.
මේ කතාවත් ඔබට විශ්වාස කරන්න අමාරු විදිහේ
කතාවක් වෙයි…
ලංකාවේ එක්තරා රෝහලක වෛද්‍යවරයෙක් ඔහු..
ඇය නර්ස් කෙනෙක්.
මොකද්ද එතකොට මේ කතාව ?
“මම සාමාන්‍යයෙන් ගොඩක් මිත්‍රශිලි කෙනෙක්.
හැමෝම එක්ක ෆිට් එකේ ඉන්නවා. ඉතින් ඩොක්ටර් අවිනාත්
තමයි ගොඩක්ම මට කිට්ටු.. මම එයාට මගේ හැමදේම කියනවා.
ඒ දවස්වල මගේ ලවු එක බ්‍රේකප් වෙලා මම සෑඩ් මූඩ් හිටියේ.
ඉතින් ඩොක්ටට මම සේරම කියනවා..”
“ඒ අස්සෙ ඩොක්ටත් මට දුක කියනවා. එයාගේ ෆැමිලි ප්‍රොබ්ලම්..
මමත් ඉතින් අහන් ඉන්නවා. මෙයා පස්සෙ මට නිතරම
කෝල් කරන්න ගත්තා. මැසේජ් දාන්න ගත්තා.
එයාගේ ඩිස්පැන්සරි එකක් තිබ්බ. ඕකට එහෙම ගෙන්න ගන්නවා.
වැරදි දේකට නෙවෙයි. එතැන කවුරුත් නැති වුණාම
හෙල්ප් එකට..”
දවසක් මට ප්‍රයිවට් වැඩක් කියලා ඩොක්ටර් නුගේගොඩ
එන්න කිව්වා.. එයා මාව ලොකු ගෙදරක් ඇතුළට එක්කන් ගියා.
මට එහෙම අමුත්තක් දැණුනේ නෑ.. පස්සෙ ගෙදර
උඩ තට්ටුවට ගියා අපි. එතැන රූම් එකකට ඩොක්ටර් ඇතුළු වුණා.
ඒ රූම් එකේ කවුරුත් හිටියේ නෑ ! මම ඇහුවා පේශන් කෝ කියලා.
ඩොක්ටර් එකපාරම දොර වහලා ඇවිත්,
මගේ ඔඩොක්කුවට වෙලා අඬන්න ගත්තා. ඊළඟට එයා
හෙන දිග කතාවක් කිව්වා..”
“එයා ගොඩක් ලිංගිකව දුබල කෙනෙක්ලූ. ඒ නිසා වයිෆ් කැමති
නැල්ලූ. වයිෆ් පිට යනවලූ. ඔහොම කිය කිය වැළපුණා.
මා එක්ක පිස්සුවෙන් ආදරේ කරන්න ඕනි කිව්වා,
සෙක්ස් කරන්න ඕනි කිව්වා. ඒත් මම කිව්වා හැඟීමක් නැතුව
මට එහෙම කරන්න බෑ කියලා. දුක ඇහුවත්, බෙදාගත්තත්
ඒ වගේ දේකට පෙළඹීමක් කරන්න මට බෑ කියලා
මම පැහැදිළිව කිව්වා. පස්සෙ මෙයා පැත්තකට වුණා…”
“මම සොරි ඩොක්ටර් කියලා එතැනින් ආවා.
පස්සෙ දවස් ගාණක්ම මට මැසේජ් කර කර වද දුන්නා.
කෝල් කර කර එක එක කියවන්න ගත්තා.
ඒත් මම අයින් වෙලා හිටියා. බැරිම තැන එයාගේ වයිෆ්ව
හම්බුණේ. දන්නවද වයිෆ් කියපු එක..?
මෙයා ඔය බොරුව කිය කිය ගොඩක් නර්ස්ලාව ඩොක්ටර්ස්ලව
ළං කරගන්නවලූ… ඒ අය එක්ක තැනින් තැන ගිහින්
විනෝද වෙනවලූ…”
“ඔන්න ඔය වගේ අයත් මේ වෘත්තියේ ඉන්නවා.
මම හොඳ වෙලාවට බේරුණේ..”






