Press "Enter" to skip to content

රු.950 චයිනීස් බත් එකෙන් ලැබුනු අමුතු කෑම.. ගෙදර ගෙනගිහින් බලපු මනුස්සයට පිස්සු හැදිලා.. කළුතර පොලීසියට පැමිණිල්ලකුත් කරයි.. පොලීසිය චයිනීස් බත් පරීක්ෂණයක් අරඹයි..

රාත්‍රි ආහාරය සඳහා රුපියල් 950 ක් දී මිලදී ගත් කුකුල් මස් සහිත චයිනීස් බත් පාර්සලය නිවසට ගෙන ගොස් බැලීමේදී ආහාරයට ගෙන ඉවත්කළ කුකුල් කටු තිබූ බවට පුද්ගලයෙකුගෙන් ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කළ බව කළුතර දකුණ පොලිසිය පවසයි.

වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් කළ පැමිණිල්ලක් මත මෙසේ පරීක්ෂණ ආරම්භ කර තිබේ. සිය දියණියගේ ඉල්ලීමක් මත පැමිණිලිකරු ඊයේ (05) රාත්‍රි කළුතර නගර මධ්‍යයේ පිහිටි ප්‍රධාන අවන්හලකින් රුපියල් 950 ක් ලබාදී කුකුල් මස් සහිත චීන ක්‍රමයට සැකසූ බත් පාර්සලයක් මිලදී ගෙන ඇති බවත් නිවසට රැගෙන ගොස් දියණිය එය ආහාරයට ගැනීමට සූදානම් වීමේදී කිසියම් පුද්ගලයෙකු විසින් ආහාරයට ගෙන ඉතිරිවූ කුකුල් කටු කිහිපයක් බත් පාර්සලයේ තිබූ හමුවූ බවට පැමිණිල්ලේ සඳහන් බව පොලිසිය කීය.

පැමිණිලිකරු එදින රාත්‍රියේම බත් පාර්සලය රැගෙන හෝටල් කළමනාකාරීත්වයට පෙන්වා ඇති අතර වෙනත් බත් පාර්සලයක් ලබාදෙන්නට ඔවුන් එකඟ වූ බවද පැමිණිලිකරු දන්වා ඇතැයිද පොලිසිය කීය. මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි විවිධ පැමිණිලි අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.

දිවයින

More from GossipMore posts in Gossip »