යුද හමුදා සෙබළකුගේ බිරිඳක සමග හෙර රහසේ කතාබස් කරමින් සිටි අනුරාධපුර කොට්ඨාසයේ පොලිසිය ස්ථානාධිපතිවරයකු යුද හමුදා සෙබලාට මාට්ටු වී යතුරු පැදිය දමා පැණ ගොස් ඇතැයි පොලිසිය කියයි.
පොලිස් ස්ථානාධිපතිගේ සහයට පැමිණි පොලිස් කොස්තාපල්වරයකු යුද හමුදා සෙබළාගේ පහර කෑමට ලක්වා රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.
කාන්තාව එම පොලිස් ජනාධිපතිවරයා සමඟ අනියම් සබඳතාවක් පවත්වන බවට සෙබළ සැමියාට එය අනාවරණය වීමෙන් පසු, දැඩි ලෙස අවවාද කර ඇත.
රාජකාරි කටයුත්තක් සඳහා කොළඹට ගොස් එන අතරවාරයේ දී රාත්‍රී 7.30ට පමණ සිය බිරිඳට ඇමතුමක් ලබා ගත් අවස්ථාවේදී යෙහෙළියකගේ අසනීපයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි බව බිරිඳ පැවසීමෙන් අනතුරුව, සෙබළා නොදන්වාම වෛද්‍ය මධ්‍යස්ථානය අසලට පැමිණ ඇති බව පොලීසිය සඳහන් කළේය.
ඒ අවස්ථාවේ බිරිඳ සහ යෙහෙලිය යතුරු පැදියක පැමිණි දෙදෙනකු සමග කතා කරන අයුරු දැක එක්වරම මෙම පුද්ගලයා යතුරු පැදියේ සිටි දෙදෙනාට පහර දීමට පටන්ගෙන ඇතැයි පොලිසිය කියයි.
ඒ අවස්ථාවේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඒ අවස්ථාවේ ඔහුට අයත්, Nc BCL – 1**** අංක දරණ යතුරු පැදිය දිවි බේරාගැනීමට දිව ගොස් ඇතැයි ද පොලිසිය පවසයි. එම යතුරු පැදිය පොලිස් භාරයට ගෙන ඇතැයි පොලීසිය වැඩි දුරටත් සඳහන් කළේය.
ලංකාදීප






