Press "Enter" to skip to content

විවාහක කාන්තාවක් අනියම් සම්බදයක් පවත්වා සල්ලි ඉල්ලා.. නොදුන්නොත් බිරියට කියනවා කියලා තර්ජනය කරලා… අනියම් බිරියයි නීතියානු කූල බිරියයි දෙන්නම නැතිව සැමියා වේලෙයි…

මුහුණු පොතෙන් කම්සැප විඳින්නට ගොස් තිබුණ සැපත් අහිමි කරගත් සැමියකු පිළිබදව කුරුඳුවලට ප්‍රසිද්ධ නගරයකින් අසන්නට ලැබේ.

මුහුණු පොතෙන් හඳුනා ගන්නා කාන්තාවන් සමග කම්සැප විදින සැටි මිතුරන් කතා කරනා විට ඔහු කටේ කෙළ හල හලා අසා සිටියේ තමන්ටත් ඒ අවස්ථාවක් ලැබේ නම් කෙතරම් හොඳදැයි සිතමිනි.

ඒ නිසාම එක් මිතුරෙකුගෙන් තොරතුරු ඉල්ලා ගත්තේ මේ සම්බන්ධයෙන් කටේ කෙළ බිම දාන්න එපා යයි මිතුරා පොරොන්දු කරගෙන ඔහුට භාගයක්ම අරන්දීමෙන් පසුවය.

මුහුණු පොතෙන් ඔහුගේ වයසට ගැලපෙන කාන්තාවක සමග චැට් එකක් දාගන්නේ ඉන් අනතුරුවය. වැඩේට ඔහු කෙළින්ම බැස්සේය. එන තැන අසා ගත්තේ ඊට ගෙවිය යුතු ගනන්ද අසා ගනිමින්ය.

නගරයේ කාමර කුලියට දෙන තැනකට ඔහු ආවේ කුමාරයකු මෙනි. ඉඳහිට මදින දත් තිස්දෙකම නැතත් කටේ ඇති බහුතරයක් දත් එදා මදින්නට ඔහු අමතක නොකළේය. සැන්, පවුඩර් ටිකක් ද ඇඟල ගත්තේ හැමදාම හමන හිනිගඳගහන දහඩිය එදාටත් ආවොතින් යන බිය නිසාය.

බලාපොරොත්තුවෙන් සිටි ලිය අරලිය මලක් මෙන් සිනා සී ආවාය. ඔහුගේ හිතට අමුතු ගැම්මක් ආවේය. මුදල මුලින්ම දුන්නේය. කාමරයට ගියේ ඉන් පසුවය. ගිය සැනින් දොරට තඩිබානු ඇසිණි. වහාම ඔහු දොර ඇරියේය. මහා හැඩ දේහධාරී පුද්ගලයෙකු පිහියක් අමෝරාගෙනය. මගේ ගෑනිත් එක්ක නිදා ගන්න හදන්නේ යැයි හැඩි දැඩි පුද්ගලයා බෙරිහන් දුන්නේය. ඔහුට රෑ තරු දවල් පෙනුණේය.

ඉඳපිය මම තොගේ ගෑනිටයි දරුවන්ටයි තොගේ වල්කම ගැන කියනවා යැයි ඔහු කීවේ යටිගිරියෙනි.

අනේ එහෙම කරන්න එපා මම ඔහේ කියන ඕනෑම දෙයක් කරන්නම් කියමින් ඔහු පින් සෙණ්ඩු වුණේය. අන්න එහෙම වරෙන් කී මැරයා එහෙනම් මට රුපියල් විසිපන්දාහක් දීපන් මේක ගොඩින් බේර ගන්න නම් යැයි කීවේය.

නැති බනේ කියමින් ඔහු රුපියල් විසිපන්දහස රුපියල් දසදහසට අඩු කර ගත්තත් එයද ගෙවීමට හැකියාවක් නොවුණ හෙයින් මිතුරන් දෙතුන් දෙනකුගේ උපකාරය පැතුවේ එහෙයිනි. මිතුරන් කිහිපදෙනෙකුගේ අතමාරු වලින් එදා ජාමේ බේරාගෙන පැමිණියත් මෙය ඔහුගේ භාර්යාවගේ කනට ගියේ ඥාතීන් මාර්ගයෙනි. එය දැන ගත් ඇය ඔහු ගණන් නොගත්තාය. තිබූ සබඳතාවත් නතර කර බත් පත පමණක් දුන්නේ මාස් පඩිය නැතිව ගෙදර ගෙනියන්න බැරි නිසාය.

ලංකාදීප

More from GossipMore posts in Gossip »