Press "Enter" to skip to content

කසාදයට උප්පැන්නය හරස් වෙයි.. තංගල්ලේ හෝටලයකින් තරුණ යුවළකගේ මළ සිරුරු හමුවෙයි.. හැදුණුම්පතක් වත් නොමැති කම නිසා තරුණයා සිත්තැවුලට පත්වෙලා..

තංගල්ලේ සංචාරක හෝටලයක පිළිගැනීමේ කවුන්ටරය අසල බාල්කයක එල්ලී තරුණ යුවළක් පෙරේදා (22) රාත්‍රී කාලයේ සියදිවි හානිකරගෙන තිබේ.

මෙම දෙදෙනාගේ සිරුරු හෝටල් සේවකයන් දැක ඇත්තේ ඊයේ (23) උදෑසනය. මෙම හෝටලයේ ඒ වන විට විදේශිකයන් කිහිප දෙනෙක්ද රැඳී සිට ඇති බව තංගල්ල පොලීසිය කියයි.

මෙසේ ගෙල වැලලාගෙන මියගොස් ඇත්තේ කුඩා කළ සිටම මෙම හෝටලයේම හැදී වැඩුණු 22 හැවිරිදි තරුණයෙක් සහ ඔහුගේ පෙම්වතිය බව කියන 17 හැවිරිදි තරුණියක් බව පොලීසිය කියයි. පෙම්වතිය අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකාරියකි.

විමර්ශනවලින් හෙළිවී ඇත්තේ පෙරේදා (22) රාත්‍රී කාලයේදී හොටල් සේවකයා ත්‍රීරෝද රථයකින් අම්බලන්තොටට ගොස් සිය පෙම්වතියව හෝටලයට කැඳවාගෙන විත් මෙම අපරාධය කරගෙන ඇති බවය. හෝටල් සේවකයාගේ මව නගර සභාවේ සේවිකාවකි. මොහුගේ පියා සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි බවත් කුඩා කල සිටම මෙම හෝටලයේ රැඳී සිටිමින් ඔහු හැදී වැඩී ඇති බවත් පොලීසිය කියයි. පාසල් ගොස් පවා නැති මෙම තරුණයාට උප්පැන්න සහතිකයක්ද තිබී නැත. ඒ හේතුව නිසා ජාතික හැදුණුම්පතක්වත් ඔහුට සකස්කර ගැනීමට නොහැකිව තිබී ඇත. මෙම තරුණයා සිය පෙම්වතියව ඇසුරුකර ඇත්තේ විවහාවීමේ අපේක්ෂාවෙනි. ඔවුන් දෙදෙනා විවහා වීමට සූදානම් වූවත් තරුණයාට හැදුණුම්පතක් හෝ උප්පැන්න සහතිකයක් හෝ නොමැති කම නිසා විවහාය සිදුකර ගැනීමට හැකියාවක් ලැබී නැත. තරුණයා තමාට උප්පැන්න සහතිකයක් සකස්කර ගැනීමට උත්සහායක නිරතව ඇති බව පොලීසිය කියයි. මෙම තරුණයා උපන් රෝහල ගැනවත් කියන්නට තරම් මවට මතකයක් නොවූ බැවින් එය ව්‍යාර්ථවී තිබෙන බව විමර්ශනයේදී පොලීසියට කරුණු හෙළිවී තිබේ.

උප්පැන්න සහතිකය විවහායට බාධකයක් වීම හේතුවෙන් මෙම තරුණයා සිට ඇත්තේ සිත් කැවුලෙන් බවත් මෙම සියදිවි හානිකර ගැනීම ඊට බලපා ඇති බව පෙනී යන්නේ යැයි හම්බන්තොට සහ මාතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා සඳහන් කළේය.

තංගල්ල පොලීසිය මෙම සියදිවි හානිකර ගැනීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

ගයාන් කුමාර වීරසිංහ සහ සූරියවැව නුවන් ජයසේකර

දිනමිණ

More from GossipMore posts in Gossip »