Press "Enter" to skip to content

තරුණ ජීවකයකුගෙන් බසයකදී හෙදියකට අමුතු ප්‍රතිකාරයක්

බස් රථයක් තුළදී නාවික හමුදා හෙදියකගේ ඇඟට හේත්තු වී ඇයට හිරිහැරයක් වන ආකාරයට කටයුතු හැසිරුණැයි කියන වෛද්‍යවරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.

මෙම වෛද්‍යවරයා ඔහු සතු කැමරා පහසුකම් සහිත ජංගම දුරකථනයෙන් මෙම හෙදිය වීඩියෝ කරගෙන ඇති බව ද එම වෛද්‍යවරයා සතුව තිබියදී පොලිස් බාරයට ගත් ජංගම දුරකථනය පරීක්ෂාකර බැලීමේදී දක්නට ලැබුණු බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

අත්අඩංගුවට ගත් 34 හැවිරිදි සැකකාර වෛද්‍යවරයා බස්නාහිර පළාතේ පිහිටි මූලික රෝහලක රාජකාරි කරන අයෙකි.

නාවික හමුදාවේ සේවය කරන හෙදිය මේ බව මගීන්ට දැනුම් දීමෙන් පසු මගීන් පිරිසක් වෛද්‍යවරයා අල්ලා ගෙන පොලීසියට බාර දී ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.

අත්අඩංගුවට ගත් සැකකාර වෛද්‍යවරයා බීමතින් සිටින බව පෙනී ගිය නිසා ඔහු කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ මොහු බීමතින් සිටින බවට එම වෛද්‍ය වාර්තාවෙන් තහවුරු වී ඇතැයි පොලීසිය සඳහන් කළේය.

නාවික හමුදාවේ හෙදිය ද ඇයට සිදුවූ අතවරය ගැන පොලිසියට පැමිණිලි කරනු ලැබුවාය.

More from GossipMore posts in Gossip »