Press "Enter" to skip to content

බිළිඳා ගෙය ඇතුළේ ප්‍රසූත කොට ගෙය පිටිපස්සේම පණපිටින් වළලලා…අයාලේ යන බල්ලෙක් සිරුර ගොඩඅරන් පාර දිගේ ඇදගෙන ගිහින්…

යාපනය මරදන්කේනි පොලිස් වසමේ වත්තිරායන් ප්‍රදේශයේදී සුනකයින් විසින් කා දමන ලද බිළිඳු මළ සිරුරක් සොයාගෙන ඇතැයි පොලීසිය පවසයි.

අදාල බිළිඳු මළ සිරුර සම්බන්ධයෙන් පරික්ෂණ පැවත්වූ මරදන්කේනි පොලීසිය විසින් ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාල කාන්තාව බිළිඳා නිවසේම ප්‍රසූත කොට නිවස පිටුපස ගෙවත්තේ පණපිටින්ම වලදමා ඇතැයි සැකපිටය.

අදාල කාන්තාවට තවත් දරුවන් දෙදෙනෙකු සිටින අතර ඇය සැමියාගෙන් වෙන්ව තනිව ජීවත් වන අතරම අදාල කාන්තාව අනියම් සම්බන්ධයක් හේතුවෙන් ගැබ්ගැනීම නිසාවෙන් ගැබ්ගැනීම ප්‍රදේශවාසීන්ගෙන්ද සඟවා බිළිඳා නිවසේම ප්‍රසූත කොට ඇතැයි අනාවරනය වී ඇත.

කෙසේ වෙතත් බිළිඳා නිවසේ ප්‍රසූත කිරීමෙන් පසුව එයද අසල්වාසීන්ගෙන් සඟවා බිළිඳා පණපිටින්ම වලදැමීමට කාන්තාව පියවර ගෙන ඇති බවටත් පසුව ප්‍රදේශයේ සැරිසරන සුනකයින් විසින් බිළිඳා සොයාගෙන ගොඩට ගෙන මාර්ගයක ඇදගෙන යමින් සිටියදී අසල්වැසි කාන්තාවක් එය දැක පොලීසියට දැනුම් දී ඇත.

අනතුරුව පොලීසිය පැමිණ බිළිඳාගේ මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය වෙනුවෙන් කිලිනොච්චිය රෝහලට යවා ඇති අතරම සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාව කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 11 වනදා දක්වා බන්ධනාගාරගත කිරීමට කිලිනොච්චිය අධිකරණය නියෝග කොට ඇතැයිද පොලීසිය පැවසීය.

බිළිඳා දිනකට පමණ පෙර අදාල ස්ථානයේ වලදමා ඇතැයි සැක පලකරන අතරම කාන්තාව සමග අනියම් ප්‍රේම සම්බන්ධයක් පැවත්වූ අය ගැනද පරික්ෂණයක් අරඹා ඇතැයි මරඳන්කේනි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

-mawrata

More from GossipMore posts in Gossip »