අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන වර්ග දෙකක මිල පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.
ඒ අනුව ලංකා සුදු ඩීසල් මිල රුපියල් 15කින් පහත දමා තිබේ.
එසේම භූමිතෙල් මිලද රුපියල් 10කින් පහත දැමීමට තීරණය කර ඇත.
මේ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 405ක් වන අතර භූමිතෙල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 355කි.







