Press "Enter" to skip to content

ඔයා මොකක්ද කරන්නේ… ඇයි ඇදුම් ගලවන්නේ… මට පන නෑ වගේ… සිසුවියට අරක්කු පොවා බරපතළ ලෙස දූෂණය කරලා

රක්වාන  පදිංචි අවුරුදු පහළොවක් වයස බාලවයස්කාර පාසල් සිසුවියක ත්‍රීරෝද රථයකින් පැහැරගෙන  පාළු නිවසකට රැගෙන ගොස් බලහත්කාරයෙන් අරක්කු පොවා වෙරි වූ පසු දුෂණය කළ බව කියන පුද්ගලයකු  අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු 24 හැවිරිදි වියේ පසුවන රක්වාන පොලිස් වසමේ පදිංචිවාහක එක්දරු පියෙකි.

මෙම සැකකරු  මෙම බාලවයස්කාර සිසුවිය දූෂණය කළ පසු ඔහුගේ මිතුරන් දෙදෙනකු ද ඒ අවස්ථාවෙම බරපතළ ලෙස ඇය ලිංගික අපයෝජනයට ලක්කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

සිසුවිය බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළ බව කියන එම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට ද රක්වාන පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

මුලින්ම අත්අඩංගුවට ගත් 24 හැවිරිදි සැකකරු සමඟ මෙම සිසුවිය ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි

බාලවයස්කාරිය ට බලහත්කාරයෙන් අරක්කු පොවා වෙරි වූ පසු පෙම්වතා බව කියන 24 හැවිරිදි පුද්ගලයා මුලින්ම ඇය දූෂණය කළේ යෑයි කියන අතර පසුව ඔහුගේ මිතුරන් දෙදෙනා ඇයට බරපතළ ලිංගික අපයෝජනයක් කර ඇතැයි පොලීසිය පැවසීය.

-ලංකාදීප

More from GossipMore posts in Gossip »