Press "Enter" to skip to content

පැහැරගෙන ගිහින් බොරැල්ල කනත්තේ දමා ගිය, ජනශක්ති රක්ෂණ සමාගමේ සභාපතිවරයා රෝහලේ දී අවසන් ගමන් යයි..

බරපතළ තුවාල සහිතව මෝටර් රථයක බොරැල්ල කනත්තේ දමාගොස් සිටියදී හමුවූ දිනේෂ් ෂාෆ්ටර් මරණය ට පත්වී තිබෙනවා.

මිය යන විට ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියා.

Update:
මෙන්න මේ දැන් භයානක ප්‍රවෘත්තියක්! ප්‍රකට සමාගමක සභාපතිවරයකු පැහැරගෙන, බොරැල්ල කනත්තට අරන් ගිහින් කරලා තියෙන දේ !

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් පැහැර ගෙන ගොස් බොරැල්ල කනත්තේ දමා ගොස් තිබීයදී හමුවී තිබෙනවා.

සොයා ගන්නා අවස්ථාවේ බරපතල තත්ත්වයේ පසු වූ ඔහු ඇතුලත් කෙරුණේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයටයි.

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්, මල් පාරේ පිහිටි සිය නිවසෙන් ඊයේ (14) දහවල් පිටත්ව ගොස් ඇත්තේ ණයහිමියෙකු මුණ ගැසීමට බව පවසමින්.

කෙසේ වෙතත් ඔහුගේ දුරකතනය ටික වේලාවකින් ක්‍රියාවිරහිත වී තිබුණු බව බිරිඳ පවසනවා.

දුරකතනය හරහා ලැබුණු සංඥා අනුව එම දුරකතනය බොරැල්ල කනත්ත අසල ඇති බව අනාවරණය වීමෙන් සැක සිතූ බිරිඳ එහි පැමිණ පරික්ෂා කර තිබෙනවා.

එහිදී දැක ඇත්තේ දැඩි ලෙස පහර කෑමට ලක් වූ දිනේෂ් ෂාෆ්ටර් සිය මෝටර් රථය තුල දෑත් බැඳ ගෙල ද ප්ලාස්ටික් පටියකින් ගැට ගසා දමා ගොස් ඇති බවයි.

ඒ අනුව පොලිසිය ද දැනුවත් කර බරපතල තත්ත්වයේ පසු වූ ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

දිනේෂ් ෂාෆ්ටර් මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශිකාවක පැවසුවා.

පොලිසිය පවසන්නේ සුසාන භූමිය තුළ දී ඔහු ඝාතනය කිරීමට උත්සාහ කර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.

More from GossipMore posts in Gossip »