රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තර්ජනය කරන පුද්ගලයෙකු සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි.
අදාළ දර්ශන සහිත වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.
මෙය නුගේගොඩ, දෙල්කඳ ප්‍රදේශයේදී සිදුවූ බවට මේ වන විට විශ්වාස කෙරේ.
එහිදී රාජකාරියේ නිරතව සිටින පොලිස් නිලධාරීන් දෙදෙනාට පරුෂ වචනයෙන් බැන වදින මෙම පුද්ගලයා අදාළ නිලධාරීන්ගේ ඡායාරූප ද ලබා ගන්නා ආකාරය වීඩියෝවේ දැක්වේ.






