Press "Enter" to skip to content

ඇදුම උස්සලා කකුල් පළල් කරන්න කියලා… පන්දම් අල්ලාලා.. තිළිණි ප‍්‍රියමාලිගේ රහස් පෙදෙසට හානි කරලා… මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක්

මහා පරිමාණ මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින තිලිණි ප්‍රියමාලි නිරුවත් කර ඇයට බන්ධනාගාරය තුළදී අමානුෂික සැලකිලි සිදුකළ බව සඳහන් කරමින් ඇයගේ නීතිඥවරුන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත ඊයේ (6) පැමිණිල්ලක් කර තිබේ.

සැකකාර තිලිණි ප්‍රියමාලි රඳවා සිටින සිරකුටියට පැමිණි බන්ධනාගාර නිලධාරිනියන් විසින් ඇයගේ ඇඳුම් උනා දමන ලෙසට අණකර තිබෙන බවත්, ඉන්පසුව ඇයට කකුල් ඈත් කරන ලෙස දන්වමින් රහස් ප්‍රදේශයට විදුලි පන්දම් ආලෝකයක් නිකුත් කර තිබෙන බවත්, එම අවස්ථාවේදී ඇය දැඩි අපහසුතාවට පත්වී තිබෙන බවත් සැකකාරියගේ නීතිඥ මංජු ශ්‍රී චන්ද්‍රසේන විසින් මානව හිමිකම් කොමිසම වෙත යොමු කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.

තිලිණි ප්‍රියමාලිට බන්ධනාගාරය තුළදී එලෙස ශාරීරික හා මානසික හිංසනයන්ට ලක්වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසද ඇයගේ නීතිඥවරුන් සිය පැමිණිල්ල මගින් මානව හිමිකම් කොමිසමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

සම්පූර්ණ වීඩියෝ දර්ශන මෙතනින්

More from GossipMore posts in Gossip »