Press "Enter" to skip to content

අඹ ගෙඩියක් කාලා විනාඩි 2ක් යන්න කලින් ගැබිනියක් මැරිලා… අඹ ගෙඩිය දීලා තියෙන්නේ සැමියගේ සහෝදරියක්…. ගම්‌පොළ ඛේදවාචකය…

දෙමස් ගැබිනි මවක් අඹ ගෙඩියක් ආහාරයට ගෙන විනාඩි කිහිපයකින් මරණයට පත්වීමේ සිද්ධියක් සම්බන්ධව ගම්පොළ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ ගම්පොළ, දැල්පිටිය, ගඟසිරිගම පදිංචි යාපා මුදියන්සේලාගේ චාමනී කුමාරි නමැති 33 හැවිරිදි ගැබිනි කාන්තාවකි. ඇයට දස හැවිරිදි පිරිමි දරුවකුද වේ. විදේශගතව සිටි ඇය මෙරටට පැමිණ ඇත්තේ මීට මාස හයකට පමණ පෙරදීය.

මරණය පිළිබඳ පරීක්ෂණය ගම්පොළ රෝහල් හදිසි මරණ පරීක්ෂක නලින් ඒ. මැදිවක විසින් පැවැත්වූ අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඇගේ සැමියා සහ සහෝදරියක් ගිනිගත්හේන ප්‍රදේශයෙන් මිලදී ගත් අඹ ගෙඩියක් ඇය ආහාරයට ගැනීමෙන් පසු ඇයට සිහිසුන්වී ඇති බවය.

අනතුරුව ඇය 1990 සුව සැරිය ගිලන් රථයකින් රෝහලට රැගෙන ගොස් ඇත. රෝහලට ඇතුළත් කරන විටදීද ඇය මියගොස් සිටි බව අනාවරණය වී තිබේ.

මෙය ප්‍රශ්නගත මරණයක් නිසා ඇගේ පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර ජාතික රෝහලේදී සිදු කරනු ලැබීය. එහිදී මහනුවර අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය ආර්. එම්. එස්. බී. ගුණසේකර සඳහන් කර ඇත්තේ පැලෝපීය නාළය තුළ වර්ධනය වී තිබූ කලලය පුපුරා යෑමෙන් මෙම මරණය සිදුව ඇති බවය.

-aruna

More from GossipMore posts in Gossip »