Press "Enter" to skip to content

ගුරුවරියක් කරපු කැත වැඩකින් සිසුවෙක් රෝහලේ…. දිවුලපිටියේ දෙමව්පියන් ඇවිස්සෙයි… උසාවියෙන් නියෝගයක්….

දිවුලපිටිය – මරදගහමුල ප්‍රදේශයේ පුද්ගලික පාසලක 06 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුගේ කනට පහරදුන් එම සිසුවාගේ පන්තිභාර ගුරුවරියව රුපියල් ලක්ෂ 02 බැගින් වු ශරීර ඇප 02 ක් මත මුදාහැරීමට ඊයේ දින (21) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී. තේනබදු නියෝග කළේ ය.

ඉකුත් 18 වැනි දා සැකකාර ගුරුවරිය පන්තියේ සිසුන්ට ප්‍රශ්න 18ක් ලබා දී ඇති අතර ඊට නිසි පිළිතුරු ලබා නො දීමේ සිද්ධියකට අදාළව මෙම පහර දීම සිදුව ඇති බව පොලිසිය පැවසීය.

පහර කෑමට ලක් වූ සිසුවා ගම්පහ මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා පිට ව ගොස් ඇත.රෝහලේ පැවැත්වෙන සායනයට සහභාගි වීමට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති බව පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ ය.

අදාළ සිසුවා ගම්පහ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක් ලබාගෙන ඊළඟ නඩු දිනයේ දී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කර ඇත.

-gagana

More from GossipMore posts in Gossip »