Press "Enter" to skip to content

ජනප්‍රිය ඉංග්‍රීසි ගුරුවරයෙක් පොලීසියට තදගලා… පොලිස් දඩපොත ඉරලා අලි වළියක් දාගෙන…

රථවාහන වරදකට හසුව නීතිය ක්‍රියාත්මක කිරීමට ආ පොලිස් රථවාහන නිලධාරියෙකුගේ දඩපොත ඉරා දමමින් රාජකාරියට බාධා කළ චීන ජාතිකයෙකු කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙරට ජාත්‍යන්තර පාසළක ඉංග්‍රීසි භාෂාව උගන්වනු ලබන 40 හැවිරිදි චීන ජාතිකයෙකු බව කොල්ලුපිටිය පොලිසිය සඳහන් කරයි.

සැකකරු තමාට අයත් මෝටර් රථයකින් මංතීරු නීති කඩමින් රිය පදවන බවට රථවාහන අංශයේ ආරක්ෂක කැමරා පාලන ඒකකය වෙත නිරීක්ෂණය වී ඇත. මේ අනුව සැකකරු පැමිණි මෝටර් රථය පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් විසින් නවතා සැකකරුගේ රියැදුරු බලපත්‍රය ඉල්ලා ඇත.

එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් දඩ පොත උදුරාගෙන එය ඉරා දමා තිබේ.

මේ අනුව සැකකාර චීන ජාතිකයා අත්අඩංගුවට ගෙන ඊයේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.

-Aruna

More from GossipMore posts in Gossip »