Press "Enter" to skip to content

තරුණියක දූෂණය කිරීමට ගිය සල්ලාලයාගේ පුරුෂ ලිංගය කපා දමයි

ඉන්දියාවේ රාජස්ථාන් හි ගංගානගර් ප්‍රදේශයේදී වයස අවුරුදු 15ක පමණ දැරියක් දූෂණය කිරීමට තැත්කල පුද්ගලයෙකුට ගම්වැසියන් එකතුවී අපූරු පාඩමක් උගන්වා තිබේ.

වාර්තාවන පරිදි මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ වයස 40ක පමණ පුද්ගලයෙකි. ඔහු විසින් වයස 15ක පමණ දැරියක් දූෂණය කිරීමට තැත් කර ඇති අතර එය සැලවීමත් සමඟ ක්‍රියාත්මක වූ ගම්වාසීන් ඔහු අල්ලාගෙන ගොස් මහමඟ දමාගෙන පහර දී ඇත.

පැයක පමණ කාලයක් මෙසේ පහර දීමෙන් අනතුරුව අසල පිහිටි මස්කඩයකට රැ‍ගෙන ගොස් ඔහුගේ පුරුෂ ලිංගයද කපා දමා විසි කරන්නට ඔවුන් කටයුතු කොට ඇත.

විලාප දෙමින් මහමඟ දුවන්නට වූ මොහුට උදව් කිරීමටවත් කවුරුන් හෝ ඉදිරිපත් වී නැති අතර ඉන් අනතුරුව ඔහු සිහිමූර්ජා වී ඇත. සුරේෂ් කුමාර් නම්වන මොහු මීට පෙරද තරුණියන්ට විවිධාකාරයේ අපයෝජන සිදුකිරීමට තැත්කර ඇති බවට නිලනොලත් ආරංචි මාර්ග සඳහන් කරයි.

hiru news

More from GossipMore posts in Gossip »