Press "Enter" to skip to content

ගින්දරයි විදුලියයි එක්ක සටන් කර සිසුවෙක් පෙරහැරේදීම මියයයි

පෙරහැරේ ගිනිබෝල කැරකවූ සිසුවාගේ අවාසනාවන්ත ඉරණම

දොඩම්ගොඩ විහාරස්ථානයක පැවති කඨින පෙරහැරක ගිනි බෝල කරකවමින් සිටි පාසල් සිසුවෙකු විදුලි සැර වැදීමෙන් මියගොස් තවත් තරුණයන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි ඇතැයි දොඩම්ගොඩ පොලිසිය සඳහන් කරයි

අනතුරින් මියගොස් ඇත්තේ දොඩම්ගොඩ හර්මන් වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී මිරිස්වත්ත ජාතික පාසලේ ඉගෙනුම ලබන ගිහාන් කවිඳු වික්‍රමරත්න 17 හැවිරිදි සිසුවාය.

මියගිය සිසුවා ඇතුළු පිරිසක් කඨින පිංකම පෙරහැරේ ගිනිබෝල කැරකෙවීමේදී  දේවාලයක සිට තාවකාලිකව බට පඳුරක් වෙත ඇද තිබූ විදුලි වයරයක ගිනිබෝල කැර කිරීමට යොදා ගන්නා යකඩයෙන් තැනූ වළල්ල ගැටීමත් සමග තරුණයා විදුලි සැර වැදී බිම වැටී ඇති අතර එම අවස්ථාවේ දී වහා ක්‍රියාත්මක වූ ගිනිබෝල කරකවමින් තවත් තරුණයන් දෙදෙනෙක් ඔහු බේරා ගැනීමට ඉදිරිපත් වීමේ දී ඔහුද තුවාල ලබා ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී හෙළිවී තිබිණි

දොඩංගොඩ පොලිසියේ ගාල් කර තිබෙන 1990 සුවසැරිය ගිලන් රථයේ සෞඛ්‍ය සේවකයන් පැමිණ විදුලි සැර වැදුනු සිසුවාට කෘතිම ස්වසනය ලබා දී කළුතර මහ රෝහල වෙත ඇතුළත් කළ ද ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇතැයි රෝහල් ප්‍රකාශකයකු පැවසීය.

දොඩම්ගොඩ පොලීසිය මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

බිමල් ශ්‍යාමන් ජයසිංහ – බණ්ඩාරගම

More from GossipMore posts in Gossip »