Press "Enter" to skip to content

මේකත් විශේෂිත අතුරු කතාවක් තමයි මචං

දිනය 2022 සැප්තැම්බර් මාසේ 22 ලංකාවේ පටක හා අවයව බද්ධ කිරීමේ වැඩසටහනට වැදගත් දවසක් ලංකාවේ දිශා තුනකින් මොලය මියගිය බව තහවුරු කරන ලද රෝගීන් තුන් දෙනෙකුගේ අවයව බද්ධ කිරීම සඳහා ලංකාව පුරාම විසිරිලා ඉන්න රුධිර වාහිනී හා අවයව බද්ධ කිරීමේ විශේෂඥ වෛද්‍යවරුන් පෙල ගැහෙනවා.

රාගම උතුරු කොලඹ ශික්ෂණ රෝහල
මහනුවර ජාතික රෝහල
පොලොන්නරුව වෘක්කවේද විශේෂිත රෝහල තමයි මෙම ශල්‍යකර්ම සඳහා සූදානම් වෙන රෝහල්.

පොලොන්නරුව වෘක්කවේද විශේෂිත රෝහලේදී 31හැවිරිදි තරුණ මහතාගේ අවයව ලබා ගන්න ඒ පිලිබදව ශල්‍ය විශේෂඥ වෛද්‍ය නිලධාරීන් දෙදෙනෙකු වන බුද්ධිමා ජයවික්‍රම මෙනෙවිය (ජාතික වෘක්කවේද විශේෂිත රෝහල පොලොන්නරුව) සහ බුද්ධික දසනායක මහතා (ශික්ෂණ රෝහල පේරාදෙණිය) සහභාගී වෙනවා. ඔපරේෂන් එක උදේ 5ට(23.09.2022). සර් එන්නේ නුවර මොලේ මැරුණ ලෙඩාගේ අක්මාව අරගෙනදීලා ඒක බද්ධ කරන්න එතනින් ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ට බාරදීලා. ඒක පටන් ගන්නේ ඊට කලින් දවසේ රෑ. ඒ ඉවර උන ගමන් සර් එහෙම්ම ටීම් එකත් එක්ක පොලොන්නරුවට එන්න පිටත් වෙන්නේ විවේකය නැතිවම.

එනකොට වෙලාව පාන්දර පහ පහු උනා විතරයි. තේ එකක් බලෙන් දුන්නට බීලා සර්ජරි පටන් ගත්තා පොලොන්නරුවේ මැඩම් එක්ක. ඉවර වෙද්දී උදේ 9යි.

ඒ වෙද්දි පොඩි මැච් එකක් ගහලා උදේට කෑම ටිකක් හදා ගත්තා මචං. යන්න කලින් සර්ට කන්න කියලා දෙතුන් පාරක් කියලා කන්න දුන්නා. මැඩම් කාලා එහෙම්ම පොලොන්නරුවේ කරපු වකුගඩු බද්ධ කිරීම පටන් ගත්තා. සර් කාලා එහෙම්ම ආපහු යන්න වාහනේට ගියා. ඇම්බුලන්ස් එකේ ඉස්සරහ දොර ඇරලා සර් ඉදගෙන යන්නම් කියලා ගියා.

ඇම්බුලන්ස් වල ගියපු උන් දන්නවා Adjustable සීට් නෑ. සීට් එකත් ගල් වගේ, රෑ එලි වෙනකල් මහන්සි වෙලා ජීවිත වෙනුවෙන්, ආවෙත් ඒකේ එනකොටත් නින්ද ගියාද දන්නේ නෑ,(සමහරවිට ගිය ගමන් emergency surgery එකක් ආවොත් ආයම යන්න වෙයි), යනකොට මහන්සියටවත් ඕකේ සර්ට නින්ද යයිද හිතුනා.

පස්සේ දැනගත්තා සර් ඒ ගෙනිච්ච අක්මාව බද්ධ කිරීමේ ශල්‍යකර්මයටත් පේරාදෙණියේදී සහභාගී උනා කියලා.

අවයව බද්ධ කරන විශේෂඥ වෛද්‍යවරුන් ලංකාවේ ඉන්නේ අතේ ඇගිලි ගාණටත් අඩුවෙන්(අපි රැක ගන්න ඕනි මිනිස්සු මචං – ඒ එක්කෙනෙක් රට ගියොත්, ඔය යන එන අනාරක්ෂිත ගමනකදී අනතුරක් උනොත් පාඩුව ගණන් හදලා කියන්න බෑ) පිට රට වල වගේ අවයව බද්ධ කිරීම් වලට Air lift නැති උනාට, ඒ රට වල වගේ ටීම් එකට Police vehicle වලින් පාර clear කලේ නැතත්, සැප වාහන නැතත්, හැබැයි ඔයාගේ සමීපතමයාගේ අවයවයට වටිනාකමක් දෙන්න එයාලා ලංකාවේ මොන කෙලවරක ඉදලා හරි, කබල් ඇම්බුලන්ස් එක්ක හරි එනවා නෙමෙයි එනවාමයි මචං.

🙏🙏🙏🙏

වෛද්‍ය දුලාජ් චතුරංග කුලතුංග
අවයව බද්ධ කිරීමේ සම්බන්ධීකාරක
ජාතික වෘක්කවේද විශේෂිත රෝහල
පොලොන්නරුව

More from GossipMore posts in Gossip »