Press "Enter" to skip to content

සුදු තාත්තිගේ උපන් දිනයට ගෙදර තාත්තිගෙන් මුදල් උස්සා බියර් පාටි දැමු හලාවත 10 වසරේ සුදු අම්මියා

සිසුවියක් විසින් තමන් ආදරය කරන පෙම්වතාගේ උපන්දිනය සැමරීම සඳහා සාදයක් සංවිධානය කිරීමේ පුවතක් හලාවත අධ්‍යාපන කලාපයේ ප්‍රධාන පෙළේ පාසලකින් වාර්තා වනවා.

මෙම සිසුවිය ප්‍රේම සම්බන්ධතාවය පවත්වාගෙන ගොස් ඇත්තේ ද පාසල් සිසුවෙකු සමග බවයි වාර්තා වන්නේ.

10 වසරේ ඉගෙනුම ලබන මෙම පාසල් සිසුවිය සාදයට වියදම් කිරීම සඳහා තම දෙමාපියන්ගෙන් රුපියල් 20,000ක් සොරකම් කර ඇති බවයි වාර්තා වන්නේ.

පන්ති කාමරයේ උපන්දින සාදයක් පැවැත්වෙන බවට ලද තොරතුරක් මත පාසලේ විදුහල්පතිවරයා සහ ගුරුවරුන් එම ස්ථානයට ගොස් ඇති අතර එහිදී එම සිසුවිය විසින් සොරාගත් මුදලින් ඇය රැගෙන ආ කේක් බිස්කට්, රසකැවිලි වලට අමතරව බියර් කෑන් පවා ගෙනවිත් තිබු බවට අනාවරණය වී තිබෙනවා.

වහාම සාදය අත්හිටුවූ විදුහල්පතිවරයා සාදය සංවිධානය කිරීමට මුල් වූ සිසුන් දෙදෙනාගේ දෙමාපියන් කැඳවා දරුවන්ගේ කටයුතු පිළිබඳව වඩාත් විමසිලිමත් වීමේ වගකීම ඔවුන්ට පැහැදිලි කර තිබෙනවා.

එමෙන්ම මෙම සාදය් සංවිධානය කළ සිසුන් දෙදෙනාට සති දෙකක පන්ති තහනමකට ලක් කළ විදුහල්පතිවරයා විධිමත් විනය පරීක්ෂණයක් පවත්වන බවට ප්‍රකාශ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

More from GossipMore posts in Gossip »