ගෝලීය බොරතෙල් මිල විශාල ලෙස පහත වැටීම සැලකිල්ලට ගෙන ඉන්ධන මිල අඩු කිරීම සම්බන්ධයෙන් ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (LIOC) කැමැත්තෙන් පසුවන බවත් ඒ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කරනු ඇතැයි එම සමගම පවසයි.
ජාත්‍යන්තර වෙළඳපොලේ තෙල් මිල මේ වන විට මාස නවයක අවම මට්ටමක පවතින බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා මිල අඩු කිරීමක් ගැන සලකා බලනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් LIOC කළමනාකාර අධ්යක්ෂ මනෝජ් ගුප්තා මහතා එහිදී පවසයි.
එහිදී ඒ මහතා පවසා සිටින්නේ ඉන්ධන මිල අඩු කිරීම පසුගිය දින 30ක බොරතෙල් මිල මත පදනම්ව සිදු කරන බවත් එය එක් දිනකින් සිදු කරන්නක් නොවන බවකි.
ඒ අනුව මෙම ගෙවී යන බොරතෙල් මිල පදනම් කරගනිමින් මිල සංශෝධනයක් තිබේ නම් ඔක්තෝබර් 1 වන දින ප්‍රකාශයට පත් කරන ලෙසද මනෝජ් ගුප්තා මහතා කංචන විජේසේකර මහතාට අවධාරණ කරයි.
“තෙල් මිල අඩු කිරීම පිළිබඳ අවසන් තීරණය බලශක්ති අමාත්‍යවරයා සතුයි. ගෝලීය තෙල් මිලෙහි සැලකිය යුතු පහත වැටීමක් සැලකිල්ලට ගෙන, ඔහු දේශීය මිල අඩු කිරීම ගැන සලකා බැලිය යුතු යැයි මම සිතමි,”
“මිල සංශෝධනය ඇගයීමට ලක් කරනු ලබන්නේ පසුගිය දින 30 ඉන්ධන මිල මත පදනම්ව මිස එක් දිනක් පමණක් නොවේ, එබැවින් ඇමතිවරයා මෙම අංක පිළිබඳව තීරණය කරනු ඇත”






