Press "Enter" to skip to content

ගෝනියක ඔතා වැව් පිටියට විසිකරපු අලුත උපන් දරු පැටියාට ජීවත් වෙන්න වාසනාව තිබිලා!

අළුත උපන් ළදරුවකු  බණඩාරකොස්වත්‍ත ප්‍රදේශයේ වැව් පිටියක දමාගොස් සිටියදී කාන්තාවකට අද (25) උදෑසන හමුවී ඇති බව වාරියපොල පොලිසිය කියයි.

පොලිසිය මැදිහත්ව ළදරුවා 1990 ගිලන් රථය මගින් නිකවැරටිය මූලික රෝහල වෙත යවා ඇත. දරුවා හොද සෞඛ්‍ය තත්වයෙන් සිටින බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

කාන්තාවක් තම ගවයින් බැදීමට යන අවස්ථාවේ දී අවට කැලෑ රොදකින් දරුවකු හඩන ශබ්දයක් ඇසී සොයාබැලීමේදී පොහොර උරයක දමාසිටි මෙම ළදරුවා හමුවී ඇත.

එම අවස්ථාවේ දීම ගම්වාසීන් එක්ව පොලිසියටත් ගිලන් රථයටත් කතාකර ළදරුවා රෝහල් ගතකළ බව ගම්මු කියති.

More from GossipMore posts in Gossip »