Press "Enter" to skip to content

බන්ධනාගාරයේදී දමිතාට වද දීලා

වැලිකඩ ඉන්න දමිතා ගැන හිරුණිකා කිව්ව කතාව

රංගන ශිල්පිනී දමිතා අබේරත්න බන්ධනාගාරයේදී වද හිංසාවලට මුහුණදී ඇති බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැවසුවාය.

දමිතා අබේරත්න ගේ සුවදුක් විමසීමට අද (10) බන්ධනාගාර රෝහල් පරිශ්‍රය වෙත ගිය අවස්ථාවේදී ඇය ඒ බව තමාට පැවසූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය සඳහන් කළාය.

“දමිතා අබේරත්න දැන් ඉන්නේ මරණ දඬුවම නියමවූ කාන්තාවන් 4 දෙනෙක් එක්ක. ඇය ඒක මට කියන්න කියලා කිව්වා.. ඇයව එහෙම එකට දාලා තියෙන හේතුව ඇයගේ ජීවිතයට තර්ජනයක් වෙන්න පුළුවන් කියලා බන්ධනාගාර නිලධාරීන් කියනවා.”

“ඇයගෙන් පළිගැනීම සඳහා මෙහෙම කරලා තියෙන්නේ. දැන් ඇය ඉන්නේ අසනීප තත්ත්වයෙන්. අද අලුයම 4ට ඇයට වැසිකිළියට යන්න අවශ්‍යතාවය තිබිලා. ඇය පැය ගාණක් තිස්සේ දොරේ එල්ලිලා කෑගහලා තියෙනවා. එහෙම ගොඩක් වෙලා කෑගහද්දි තමයි වැසිකිලි යන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ.”

“කාන්තාවන් 200 ගාණකට එක වැසිකිලියයි තියෙන්නේ. දමිතා කෑම කාලත් නැහැ. රන්ජන් කිව්ව හැම වචනයක්ම ඇත්ත කියලා කියන්න කිව්වා. ඇය ඒ අත්දැකීම මේ වෙලාවේ ලබනවා. බණ්ඩක්කාවලට පණුවෝ ගහලා. අතහෝදන ඉඳුල් වතුර වගේ කුකුල් මස් එකක් දුන්නා කිව්වා.”

“ඊයේ නරක් වෙච්ච පරිප්පුත් එක්ක පාන් කාලා ඇය දැන් ඉන්නේ අසනීප තත්ත්වයෙන්. ඒකත් එක්ක දැන් ඇයට උණ.”

More from GossipMore posts in Gossip »