Press "Enter" to skip to content

එපිසබෙත් රැජින මිය යයි… චාල්ස් කුමරු රජු වෙයි

දශක හතක් වැනි දීර්ඝ කාලයක් බ්‍රිතාන්‍යයේ කිරුල දැරූ එලිසබෙත් රැජින වයස අවුරුදු 96 දී මිය ගිය බව බකිංහැම් මාලිගය නිවේදනය කරයි.

ඇයගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වෛද්‍යවරුන් අනතුරු ඇගවීමෙන් පසු ස්කොට්ලන්තයේ පිහිටි ‘බල්මෝරල් කාසල්’ හි ඇය රදවා ප‍්‍රතිකාර කරනු ලැබීය.

ලොව වයස්ගතම සහ දීර්ඝතම රාජ්‍ය නායිකාව ද වූ දෙවන එලිසබෙත් රැජින සිංහාසනයට පැමිණියේ 1952 පෙබරවාරි 6 වන දින ඇගේ පියාගේ අභාවයෙන් පසුව වන අතර එවිට ඇයට වයස අවුරුදු 25ක් විය.

ඇයගේ අභිවයෙන් පසු වැඩිමහල් පුත්‍රයා වන 73 හැවිරිදි චාල්ස් කුමරු එක්සත් රාජධානියේ රජු බවට පත් වන අතර ඕස්ට්‍රේලියාව, කැනඩාව සහ නවසීලන්තය ඇතුළු තවත් රාජ්‍ය 14 කද රජු බවට පත් වේ.

More from GossipMore posts in Gossip »