* කට්ටි පැන්න සැකකරු අල්ලා රිමාන්ඩ් කරයි
* සැකකරුට අනුබල දුන් බිරිඳට ඇප
තම බිරිඳගේ නැගණියට ඔහුටදාව උපන් දින 12 වයසැති බිළිඳෙකු රුපියල් දසදහසකට විකිණීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සැප්තැම්බර් 13 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මොනරාගල දිසාවිනිසුරු හා මහෙස්ත්‍රාත් සජිනී අමරවික්‍රම මහත්මිය නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ මොනරාගල මොනරකැළේ වත්තේ පදිංචිකරුවෙකි.
හෙතෙම තම බිරිඳගේ නැගණිය සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇත.
ඇයට ලැබුණු දරුවා එම ප්‍රදේශයේම පදිංචිකාරියකට රුපියල් දසදහසකට අලෙවිකර ඇති බව පොලීසියට තොරතුරු ලැබී තිබිණි.
සැකකරු පොලිසියට කට්ටි පනිමින් සිටියදී මාස දෙකකට පමණ පසුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරු මීට පෙර බිරිඳගේ පළමු කසාදයේ දාහතර හැවිරිදි දියණියද දූෂණය කර ඇති බව මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත. සැකකරුට අපරාධය සිදුකිරීම සඳහා අනුබල දුන් බිරිඳවද පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් එක්ලක්ෂ පනස්දාහසක ඇප මත මුදාහැර ඇත.
පොලීසිය භාරයට ගත් දරුවා අධිකරණ නියෝගයක් මත කැප්පෙටිපොළ රැඳවුම් මධ්‍යස්ථානයට යොමුකිරීමට නියමිතය.
මොනරාගල මූලස්ථාන පොලිස් පරීක්ෂක පී.එස්. චාමින්ද සංජීව මහතාගේ උපදෙස් පිට පොලිස් සැරයන් 36952 මාරසිංහ මහතා විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර තිබිණි.

බිරිඳගේ නැගණිය සමග අනියම් ඇසුරක් පවත්වා ඇයට ලැබුණු දරුවා දසදහසකට විකුණලා… පළමු කසාදයේ දාහතර හැවිරිදි දියණියත් අපයෝජනය කරලා
More from GossipMore posts in Gossip »
- ආයේ ආසාවටවත් වැගන් ආර්, වෙසල්, ප්‍රාඩෝ එකක් පදින්න වෙන් නැති ලකුණු – අලුත් බද්දෙන් වෙනස් වුණ මිල ගණන් මෙන්න
- ආදරයට පුළුවන් වුණා කොල්ලෙක් රටම දන්න ගායකයෙක් කරන්න
- කුරිරු දිට්වා ජීවිතය උදුරාගත් අයෝධ්‍යා ගැන ඇසුණු ඒ සංවේදී කතාව මෙන්න
- ඉතාලි පොලිසියේ සිටි එකම ශ්‍රී ලාංකිකයා නිවසේදී වෙඩිවැදී මරුට
- ශ්‍රී ලංකාවේ වාහන මිල ඉහළට





