Press "Enter" to skip to content

අපරාධ විමර්ශන මෙහෙයුමෙන් මන්දිරෙ බෙඩ් ෂීට් එක ඉස්සු පුද්ගලයා අල්ලයි!

අරගලකරුවන් ජනාධිපති මන්දිරය තම ග්‍රහණයට ගත් අවස්ථාවේ එහි තිබූ ඇඳ ඇතිරිල්ලක් සොරකම් කළ පුද්ගලයෙකු කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි.

එහිදී ඉදිරිපත්කළ කරුණු සලකා බැලූ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සැකකරු ලබන 09 වන දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.