මේ වනවිට අධිකරණයේ නැවත ඇසෙන මිග් යානා ගනුදෙනුවට අදාල රහස් රැසක් රාජපක්ෂ මිතුරෙකුව සිටි රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා හෙළිකර තිබේ.
මාධ්‍යවේදී චමුදිතගේ යූ ටියුබ් නාලිකාව හා සම්බන්ධ වෙමින් ඒ මහතා ‘ගෝඨා අයියා මිග් ගනුදෙනුවේ කොමිස් කතා කරගත්තේ සමාගමේ අයත් එක්ක ආරක්ෂක අමාත්‍යංශ කාමරේ දොර වහගෙන’ යනුවෙන් එහිදී පවසයි.
එමෙන්ම මේ වනවිට තායිලන්තයේ සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා ඊට පෙර නැවතී සිටි සිංගප්පුරු රටේ හෝටල් වලට ගෙවීම් කර ඇත්තේ මෙම ගනුදෙනුවේ හවුල් කරුවන් විය හැකි බවත්, මන්ද යත් මිග් ගනුදෙනුවේ සැකකාරයන් හතර දෙනෙකුම මේ වනවිට ජීවත් වෙන්නේ සිංගප්පූරුවේ බවත් උදයංග වීරතුංග මහතා හෙළිකරයි.
මිග් ගණුදෙනුව යට ගහන්න යටගහන්න රවී විද්‍යාලංකාරට ඇති වෙන්න වියදම් කල බවත් ගුවන් හමුදාපති මිග් ගනුදෙනුවට ඇවිල්ලා තමනට හොඳටම බොන්න දී වෙරිවූ පසු කල කතාබහ නොදන්නා බවත් ඔහු කියයි.
ලලිත් වීරතුංග, ගාමිණී සෙනරත් සේරම ජනපති වටේ සිට හොදින් මුදල් ගසා කෑ බවත් නැවතත් ගෝඨා වටේ සිටි හෙන්චයියන් ඔහුව දේශපාලනයට ගෙන ඒමේ සැලසුමක සිටින බවද ඒ මහතා පවසයි.
එම වීඩියෝව මෙතනින්….
https://youtu.be/Xc_zix9L1_U






